IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ජාතික සමගිය ගේන්න බැරිවීම ගැන හැම පක්ෂයක්ම වගකිව යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වසර 76ක් තිස්සේ රටේ ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි වීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පතන දේශපාලන වෙනස කරන්නට හැකි වේවායි ආණ්ඩුවට සුබ පතනවා.රටක් ලෙස ගත් විට අප තවම ඉන්නේ ප්‍රාථමික අවධියේ.නිදහසින් පසු රටක් ලෙස ලාංකික ආනන්‍යතාවය ගොඩනගා ගෙන ඉදිරියට යන්නට නොහැකි වී තිබෙනවා.අසල්වැසි ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් විවිධත්වයන් එකතු කරගෙන ඊට ගරු කරමින් කටයුතු කිරීම නිසා ඉදිරියට ගොස් තිබෙනවා.අප වසර 76ක් තිස්සේ ජාතික සමගිය ගැන කතා කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුව නියෝජනය කළ හැම දේශපාලන පක්ෂයක්ම මේ කරුණ සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි.

ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ඉතා දුර්ලභ ජනවරමක්.චන්ද්‍රිකා මැතිනියට ජනාධිපතිවරණයේදී මෙවැනි ජන වරමක් ලැබුණා.නමුත් එතුමියට මේ විවිධත්වය තේරුම් ගෙන ඉදිරියට යාමට නොහැකි වුණා.

ඔබතුමාලා හොඳ ගමනක් යන්න නීතියේ ආධිපත්‍යය ඇති කරන්න සූදානම් වෙනවා.නමුත් බරපතල චෝදනා තිබෙන නිලධාරීන් ඉහළ තනතුරට දාගෙන නීතියේ ආධිපත්‍ය හදන්නේ කොහොමදැයි මුජුබුර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.



අදහස් (7)

ජාතික සමගිය ගේන්න බැරිවීම ගැන හැම පක්ෂයක්ම වගකිව යුතුයි

ගමේ එකාලා Wednesday, 04 December 2024 04:56 PM

දූෂිත දේශපාලුවන්ට කඩේ ගිය, චීවර ධාරියෝත් ඒ අතර ඉන්නවා.

:       100       15

හිරුනි ජයකොඩි Wednesday, 04 December 2024 05:42 PM

ජාතික සමගිය ගේන්නේ කොහොමද ඩිනාර් ඩොලර් පොම්ප කරලා රට තමන්ට විතරක් අයිති කරගන්න හදනකොට…? කෙරුවාව අපි දකිනවනේ අනිත් රටවල. ඔයාට ඕනෑ මුලු ලෝකෙම ආගම කරගන්න නේද…? කියන්න ඇත්ත.. අද ලංකාවම ඩොලර් සහ ඩිනාර් වලින් මුලු ආණ්ඩුවම අරන් තියෙන්නේ…!

:       17       82

පිටරටවැසියා Wednesday, 04 December 2024 09:33 PM

ප්‍රාථමික අවධියේ ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාව. රට කාපු එව්වෝ කැස්සට, හෙම්බිරිස්සාවටත් ගියේ මවුන්ට් එළිසබත් එකට. තිබිච්ච් යාන-වාහන, ඉඩකඩම්-ගෙවල්දොරවල්, හිටපු අමතර ස්ත්‍රීන් ගණන ඔවුන් අදටත් දන්නෑ...

:       2       3

Harimanis Wednesday, 04 December 2024 11:27 PM

ඔයාගේ කෙරුවාව දන්නේ අපිනේ බන්...!

:       0       9

රුවන් Thursday, 05 December 2024 06:57 AM

තම පක්ෂයේ ලැයිස්තුව පුටු ටිකවත් බෙදා ගන්න බැරි අය කොහොමද රටේ සමගිය ගැන කතා කරන්නේ? ඊට කලින් පක්ෂයේ නම් වෙනස් කරගන්න අසමගී ජන බලවේග කියලා

:       1       37

fairoos Thursday, 05 December 2024 11:54 AM

එහෙනම් ඉතින් දැන්වත් මොලේ පාවිච්චිකරලා ඔය දේශපාලකයින් ඉවත් උනොත් හොඳයි නේද

:       0       21

Sira Sunday, 08 December 2024 12:06 PM

ඕගොල්ලන්ට ඕනෑ දේ කරලා දෙන එකද ජාතික සමගිය කියන්නේ? එහෙන් ව්‍යාපාර, ඉඩම්, බලය, ගැහැණු ඔක්කෝම අල්ලනවා, ළමයි හදනවා රට අල්ලන්න... ආගම් ප්‍රචාරය කරනවා බලෙන්...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1810 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site