
(අංජුල මහික වීරරත්න)
වඩා හොඳ රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී මාධ්‍ය පිටස්තරයන් නොව එහි කොටස් කරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.
ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බව කී ජනාධිපතිවරයා ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කළේය.
දේශපාලන සහ ආර්ථික කරුණු වලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික ආරක්ෂාවට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
අනේ ඔව්... කවුරුවත් පච කියන්න එපා. කෙබර ඇදබාන්න එපා. බේගල් ඇදබාන්න එපා. ගල් පැලෙන බොරු කියන්න එපා... ඒවා හොඳ නැති වැඩ. අනුර සහෝදරයා වගේ ඇත්ත විතරක් කතා කරන්න.
එපා එපා ඊලම හදනකන් මුකුත් කියන්න එපා…
ජාතික ආරක්ෂාවට බලපානවා නම් සත්‍ය තොරතුරු ප්‍රචාරයත් එපා.
අනුර චන්දෙට කලින් කියපු වීඩියෝ එහෙම දාන්න එපා කියන්න ඇති නේ
හොඳ වැඩේ ජෙප්පන්ට ඡන්දේ දුන්නු සින්හල බෞද්දයින්ට…. ඔයාලාව මේ අය බෝන් අගේන් අන්තවාදී පල්ලියට හරවයි ( LTTE ඩයස්පෝරා අය මේ ක්‍රිස්තියානි කල්ලියේ අද උතුරේ)… එහෙම නැත්තන් ඊලාම් රාජ්ජයේ වහල්ලු විදියට පාවිච්චි කරයි… මුලු ලන්කාවම ඊලාම් කරන්න තියෙන්නේ...!
අදහස් වලින් පේනවා ලංකාවේ බයියෝ තමයි ඉන්නේ ඉතුරු වෙලා කියලා
ෆයිරූස් ඔයත් එක්තරා බයියෙකුට ඇති... ඔයා ජෙබයියෙක්...