(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව එම අරමුදලේ ප්‍රකාශකයෙකු පැවැසුවේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ නිල ඇස්තමේන්තුවක් සිදු කිරීමටද සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකයට විධායක කමිටු අනුමැතිය ලබා දීමට ප්‍රථම ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනට සහ ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව සැලකීමේ අවශ්‍යතාවයට අනුකූලව මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම්කරහිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වූ බව ශ්‍රී ලංකා බලධාරීහු මේ සතිය මුලදී ප්‍රකාශ කළහ.ඒත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ජූනි මස ලබාගැනීමේ බලාපොරොත්තුව කඩවන ලකුණුද පෙන්නුම් කළේය.
තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.
ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
පොදු ජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයට එක් විය.
ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය