IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජීවිතය සුන්දර කරන මානසික සෞඛ්‍යය

කොරෝනා වසංගතයත් සමග වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ අපි නිවෙසට කොටුවී සිටියෙමු. රැකි රක්ෂාවලින් සහ එදිනෙදා ජීවිතයට සමීප ක්‍රියාකාරකම්වලින් ටිකක් ඈත්වීමට අපට සිදුවිය. එවැනි අවස්ථාවලදී විවිධ මානසික රෝගවලට ගොදුරැවූ රෝගීන් ද අපි දුටිමු.

මානසික සෞඛ්‍ය නිසි ලෙස පවත්වාගෙන යාම ඉතා වැදගත් වන අතර මානසික සෞඛ්‍යයෙන් තොර සෞඛ්‍යයක් නොමැති බවද වටහා ගත යුතුය.  එදිනෙදා ජීවන රටාව මනාව පවත්වා ගැනීමෙන් මානසික සෞඛ්‍යය රැකගැනීමට හැකියාව ලැබේ.

ඒ අතරින් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, ශාරීරික ක්‍රියාකාරකම්, මානසික යහපැවැත්ම ඉතා වැදගත්වේ.

මානසික යහපැවැත්ම යනු මානසික රෝගී තත්ත්වයක් නැතිවීම පමණක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික යහපැවැත්මක් ඇතිවිට යම් පුද්ගලයෙකුට තමාගේ හැකියාවන් පිළිබඳ අවබෝධයක් ලැබේ. එමෙන්ම එදිනෙදා ජීවිතයේ ඇතිවෙන සාමාන්‍ය ආතතිවලට මුහුණදීමට හැකියාව ලැබෙන අතර ඵලදායි ලෙස ඉගෙනගැනීමට සහ රැකියාව සිදු කිරීමට හැකියාව ලැබේ.      

මානසික යහපැවැත්ම නොමැතිවීමෙන් ඇතිවන අහිතකර බලපෑම් බොහෝය. ඒ අතර හෘදයාබාධ සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව සඳහා වැඩි අවදානමක් පවතී. එමෙන්ම ශරීරයේ බරවැඩි වීමේ ප්‍රවණතාව, සුවදායි නින්දක් නොලැබීම, ප්‍රතිශක්තිකරණය අඩු වීම වැනි තත්ත්ව ඇතිවේ.

කායික සෞඛ්‍යය මෙන්ම අපගේ මානසික සෞඛ්‍යය රැක ගැනීමෙන් වාසි රැසක් අත්වෙයි. එනම් තමන් පිළිබදව හොද අවබෝධයක් සහ පාලනයක් ඇතිවීම, නම්‍යශීලීවීම, විවේචනවලට හොදින් ප්‍රතිචාර දැක්වීම, අන් අය පිළිබදව වඩාත් ධනාත්මකව සිතීම, ඉහළ මට්ටමේ බැදීම් ඇතිකර ගැනීම, රාජකාරිය සහ ගෘහ ජීවිතය සතුටින් ගතකිරීමට හැකියාව ලැබේ. එමෙන්ම අභියෝගවලට මුහුණදීමේ හැකියාව වර්ධනයවීම, රෝගීවීම අවමවීම සහ දිගු කාලීන ජීවිතයකටද හිමිකම්කීමට හැකියාව ලැබේ.

සම්බන්ධ වන්න

පවුලේ සාමාජිකයන් සමග නිතරම සාමුහික ක්‍රියාකාරකම්වල නිරතවීම මගින් පවුලේ සමගිය මෙන්ම සබදතාවද ගොඩනැගේ. එමෙන්ම යහළුවන්, සහ අසල්වැසියන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමෙන් ඔබ මුහුණ දෙන අසීරු අවස්ථාවලදී ඔවුන් ආධාරක ජාලයක් ලෙස ඔබ සමග ක්‍රියා කරනු ඇත.

අනෙකාට උදවු කරන්න

අන්‍යයන්ට උපකාර කිරීමෙන් ඔබගේ ජීවිතයට අරමුණක් සහ අර්ථයක් එක් කළ හැකිය. එසේම ඔබට වටිනාකමක් ද ලැබෙනු ඇත. එය හුදෙක් ද්‍රව්‍යමය දේට වඩා වැඩි දෙයක් විය හැකිය. යහලුවෙකුට හෝ ඔබ නොහඳුනන කෙනෙකුට ක්‍රියාවෙන් හෝ වචනයකින් හෝ උදවුවක් කිරීම තුළින් ඔබගේ සතුට, ආත්ම තෘප්තිය සහ යහපැවැත්ම වැඩිවනු ඇත.

ක්‍රියාශීලී වන්න

කායික වශයෙන් ක්‍රියාශීලීවීම ශරීරයට මෙන්ම මනසටද සුවයක් ගෙනදෙන අතර ඔබ කැමති එමෙන්ම ඔබට සරිලන කායික ක්‍රියාකාරකමක යෙදීම වැදගත්වේ. එනම් ඇවිදීම, බයිසිකල් පැදීම, නර්තනයේ යෙදීම, ගෙවතුවගාවල යෙදීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවීම වැදගත්වේ.

ඔබව පුදුම කරන්න

අළුත් දේ අත්හදා බැලීම, අළුත් දේ අත්විඳීම සහ අපගේ හැකියාවන් මුවහත් කර ගැනීම මඟින් අපගේ මොළය ධනාත්මක ලෙස උත්තේජනය වේ. ඔබ වෙනුවෙන් වේලාවක් වෙන්කර ගත යුතු අතර තමන්ට කරැණාවන්තවීම, තමාගේ ඇති හොද ගතිගුණ අවබෝධකරගෙන ඒවා අගය කිරීම මගින් ඔබට විනෝදාශ්වාදයක් ලැබෙනවා සේම තමන් ගැන විශ්වාසයක් ද ගොඩනැගෙනු ඇත.

-සටහන- ගයාන් සූරියආරච්චි



අදහස් (0)

ජීවිතය සුන්දර කරන මානසික සෞඛ්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site