IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්

(නිමල් ජයරත්න  )

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක කුඹුක්, බක්මී ඇතුළු වටිනා ගස් වර්ග කපා විශාල දැව සංහාරයක් සිදුකර ඇති බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති.

වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මෙන්ම ආරක්ෂක අංශවලට හොර රහසේ දිවා සහ රාත්‍රී කාලයේ    දැව ජාවාරම වසර දහයක්, පහළොවක පමණ කාලයක්ක සිට සිදුකරන අතර මේ වනවිට ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇති බවද පරිසරවේදීන් කියති.

වැලිකන්ද කටුවන්විල, කුඩාපොකුණ ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම ජාවාරම සිදුකරන අතර එම ජාවාරම සඳහා යන්ත්‍ර කියත් භාවිතා කර කපා ගන්නා දැව වාලච්චේන ඇතුළු විවිධ ප්‍රදේශවලට රාත්‍රී කාලයේ, ටැක්ටර් සහ ලොරි රථ මගින් ප්‍රවාහනය කරන බවද පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
   
ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති මෙම දැව ජාවාරම සිදුකරන කලාපය, වර්ෂා කාලයේදී ජලයෙන් යටවන ප්‍රදේශයක් වන අතර එම කාලයේදී වන සංරක්ෂණ නිලධාරීන් හෝ ආරක්ෂක අංශ නිලධාරීන්ට එම ප්‍රදේශයට ඇතුළුවීම දුෂ්කරවීම මත ජාවාරම්කරුවන් දිගින් දිගටම මෙහි දැව ජාවාරම සිදුකරන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කරයි.

රක්ෂිතය තුල විශාල වශයෙන් වන අලින් ගැවසෙන බැවින් රක්ෂිතය තුලට  වනජීවී නිලධාරීන්ට සහ ආරක්ෂක අංශය වලට ඇතුළත් වීමේ දුෂ්කරතාවය සැලකිල්ලට ගෙන මෙම ජාවාරම ජයටම සිදු කරන බවද ප්‍රදේශවාසීහු කියති.
 
එම වන සංහාරයට අමතරව එම ජාවාරම්කරුවන් විසින් ප්‍රදේශයේ රක්ෂිත ගිණි තබා වන සතුන් දඩයම් කිරීමද ජයටම සිදු කරන බවද පරිසරවේදී නිසා ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

අප මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ වැලිකන්ද අඩවි සහකාර සී,ඒ, වනසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ  රක්ෂිතයේ වටිනා ගස් කැපු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත්,එවන් මහා පරිමාණ  විනාශයක් මෙතෙක් තමන්ට වාර්තා වී නොමැති බවත්, ඒ පිළිබඳ සොයා බලා අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කීවේය.



අදහස් (0)

ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්

ඔබේ අදහස් එවන්න

දියත

බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 58 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 73 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 26 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 80 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 57 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැස්සෙන් දිස්ත්‍රික්ක 13කට දැඩි හානි
2024 ඔක්තෝබර් මස 13 46 0

තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිසිත්‍රික්ක 13 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26087 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 316 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1354 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site