(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි සමඟ “සිරි දළදා වන්දනාව” සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර දිසානායක මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නා හිමි සමඟද කෙටි පිළිසඳරක නිරත විය.
මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
යෝගා Friday, 25 April 2025 02:53 PM
කුණු කන්දේ ගඳ මහානායක හාමුදුරුවන්ටත් දැනුනද කියලා අහන්න වෙන්නැති.
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 03:02 PM
පන්සලට දානෙත් නැති වෙයි කිව්වා. පෙරහැරත් නතර කරයි කිව්වා. දැන් වෙන්නේ ඒක අනිත් පැත්තනේ අපේ හාමුදුරුවනේ. සුදු පිරුවට ඇදලා මිනීමරන හොරකම් කරන නායකයෝ වෙනුවට මහනායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා අනුව වැඩ කරන නායකයෙක් රටට ලැබිලා තියෙනවා. ඒ ගැන කුහක වෙන්නේ නැතුව සතුටු වෙන්න පුළුවන් නේද අපි හැමෝටම ?
Pacha Friday, 25 April 2025 03:13 PM
ඔන්න ඔය කට්ටිය තමා මාලිගවට බෝම්බ ගෑහුවේ. පලදෙන්න ඕනේ නැද්ද හාමුදුරුවනේ.
Gamo Friday, 25 April 2025 04:02 PM
තක්කඩියාගේ අවසාන නවාතැන...
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 06:29 PM
ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැ දකියි කියලා හෙඩිමේ දැම්මාම ඔයා හිතුවේ මහින්ද ගියා කියලද ?.... සම්පූර්ණ නිවුස් එකම කියවලා ඉන්න!
prasanna Friday, 25 April 2025 06:48 PM
රාජපක්ෂලාට විරුද්ධ නම් ... දේවදත්ත ආවත් පුටුවක් දෙනවා වාඩිවෙන්න.
ගාමිනි දිසා Saturday, 26 April 2025 04:50 AM
අපේ හාමුදුරුවරු රවට්ටලා දේශපාලනයෙන් හිර කරලා කාඩිනල්ව සහ ජූලී චුන්ග් ලන්කාවේ නායකයෝ කල්ලා මේ පචද්‍රෝහියා තවත් රවට්ටනවා බෞද්ධ ජනතාව…