IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ජනපති මැදුරේ වැනසුණු දේපළ ගැන වාර්තාව ජනපති ලේකම්ට

 

(නිමන්ති  රණසිංහ )

අරගල කරුවන් විසින් විනාශ කරන ලද ජනාධිපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන සතියේදී ජනාධිපති ලේකම්වරයාට බාරදෙන බව  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.

එම වාර්තාවේ පිටපතක් පොලිස්පතිවරයාටද බාරදීමට අපේක්ෂා කරන බව  හෙතෙම සඳහන් කළේය.

වාර්තාව මේදිනවල පිළියෙල කරගෙන යන බව පැවසූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපති මන්දිරයේ විනාශ කෙරුණු දේපළ  සම්බන්ධයෙන්  කරුණු රැසක් එම වාර්තාවෙන් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය පැවැත්වූයේ ජනාධිපති මන්දිරයේ විනාශ කෙරුණු දේපළ සම්බන්ධයෙන් වාර්තාවක්  ලබාදෙන ලෙස පොලිසිය කළ  ඉල්ලීමක් අනුවය.

බස්නාහිර පළාත් පුරාවිද්‍යා සහකාර කොමසාරිස්  ෂ්‍යාමලී රාජපක්ෂ මහත්මියගේ  අධීක්ෂණය යටතේ එම දෙපාර්තමේන්තුවේ  විශේෂ නිලධාරීහු කණ්ඩායමක් ජනාධිපති මන්දිරයට ගොස් මෙම පරීක්ෂණය පැවැත්වූහ.



අදහස් (0)

ජනපති මැදුරේ වැනසුණු දේපළ ගැන වාර්තාව ජනපති ලේකම්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site