
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසු සිසුවියන් 240 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24 කි.
මෙහිදී අදහස් දැක්වූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ වත්මන් රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරමින් සිටින බවයි.
රටක අධ්‍යාපනය සඳහා අයෝජනය කිරිම තරම් වැදගත් වටිනා ආයෝජනයක් තවත් නොමැති බවද කථානායකවරයා කීය.


2025 දෙසැම්බර් මස 04
697
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති අරමුදලෙන් ඌවේ දරුවන්ටත් සහන