
(අංජුල මහික වීරරත්න)
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජයේ දී අද(11)වන දා සිදුවිය.
විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජකයන් යොමු කරන ලෙස ආරාධනා කළේය.
කාලගුණික විපර්යාසවලට මුහුණදීම, යහපාලනය, කෘෂිකර්මාන්ත ආදී ක්ෂේත්‍රවලට අදාළව විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව පෙන්වා දුන් ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ඇගයීමට ලක් කළේය.
විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ පාරදෘශ්‍ය බව සහ දූෂණයෙන් තොර පාලනය මෙහිදී ටෝනි බ්ලෙයාර් මහතාගේ විශේෂ පැසසුමට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මෙච්චර පච කියන්නේ කියලා ප්‍රශ්නයක් අහලා.
දෙවන ඉරාක යුද්ධය ඇති කරන්න අසත්‍ය වාර්ථා සකස් කලේ බ්ලෙයාර් බව ඇමෙරිකාවෙ ඔත්තු සේවය පවසලා තිබෙනවා. ඕකව විශ්වාස කරන්න එපා.
මහින්ද මහත්තයා හිටියා නම් පස් එකත් උස්සනවා ටෝනි බ්ලෙයාර්ගේ.