IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ජනපති ගිය හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගෙන වැලිමඩ බලා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය නිසා  අද (3) දහවල් වැල්ලවාය ප්‍රදේශයට හදිසියේ ගොඩ බස්වා තිබේ.

ගුවනේ මතු වූ මිහිදුම් සහිත කාලගුණික තත්ත්වය නිසා හෙලිකොප්ටරය ගමනාන්තය කරා මෙහෙයවීම අපහසු වී ඇති අතර පැයකුත් විනාඩි විස්සක් පමණ ගුවනේ සැරිසැරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා රැඟත් හෙලිකොප්ටර් යානය සහ පරිවාර හෙලිකොප්ටරය වැල්ලවාය බුදුරුවගල පාසල් ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්සවීමට නියමුවෝ තීරණය කළහ.

හෙලිකොප්ටරය පාසල් ක්‍රීඩාංගනයට ගොඩ බැසීමෙන් අනතුරුව එහි පැමිණියේ ජනාධිපතිවරයා බව දුටු සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන් හෙලිකොප්ටරය අසල වටවී ජනපති සමඟ  සුහදශීලීව අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් පැවැසීය.

විදුහලේ ගුරුවරුන් විසින් එහිදී අවට ග්‍රාමයේ මෙන්ම පාසලේ අඩුපාඩුකම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති අතර ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් සටහන් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහි සිටි ලේකම්වරයකුට දැනුම් දී තිබේ.

නැවත පිටත්ව යාමට වාහනයක් එනතුරු ජනාධිපතිවරයා බුදුරුවගල පාසලේ පැය භාගයකට ආසන්න  කාලයක් රැඳී සිට ඇත. 

අනතුරුව රථය පැමිණි පසු ජනාධිපතිවරයා වැල්ලවායේ සිට වැලමඩ දක්වා ගොඩබිම් මාර්ගය ඔස්සේ පිටත්ව ගොස් තිබිණි.



අදහස් (16)

ජනපති ගිය හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි

Prabha Friday, 03 November 2023 06:35 PM

අෂ්රෆ් මතක් වුණා...

:       13       58

මාරසිංහ Friday, 03 November 2023 06:38 PM

මම හිතුවේ නාකියාට අවීචි නරකාදියෙන් ටිකට් එක ඇවිල්ලා කියලා. මේක කඩන් වැටුනේ නැහැනේ... අපරාදේ හෙට කිරිබත් කන්න තිබුන චාන්ස් එක...

:       57       68

CharithFriday, 03 November 2023 09:11 PM

හෙඩින් එක දැක්ක ගමන්, බට්ටෝ වැලක් පත්තු කරන්න තරම් සතුටක් අවා.. ඒත් මෙයා පණපිටින් කියලා දැනගත්තාම වහ බොන්න හිතුණා... නැහැ නැහැ මම හිතන්නේ මේ රිහර්සල් විතරයි. ෆයිනල් එක මහපාරේ සිද්ධ වෙන්නයි, මිනිහගේ ඉරණම තීරණය කරලා තියෙන්නේ...!

:       7       26

PaliFriday, 03 November 2023 09:51 PM

ගුණමකුවන්ට අමතක වුණාට රනිල් නැත්නම් තාමත් පෝළින්වල නොමැරී මැරෙනවා...

:       0       0

Lal Friday, 03 November 2023 06:59 PM

රට වල පල්ලේ තිබුණු වෙලාවේ.. ඇවිත් එක ගොඩ දැම්මේ මෙයා තමයි... දැන් කතාකාරයෝ හැමතැනම... ඉතිරි ටිකත් කරන්න පුළුවන්...

:       68       62

hrmFriday, 03 November 2023 07:50 PM

කොහේද හලෝ ගොඩ දැම්මේ? ඔයාගේ පවුලද ගොඩ දැම්මේ? 

:       0       0

අරවින්ද මොනරවිලSaturday, 04 November 2023 09:25 AM

එතකොට මහ බැංකුව කඩලා, ගිණි පොලියට අයි.එස්.බී. ණය අරගෙන එවා නාස්තිකරමින් ආතල් අරගෙන පාස්කු ප්‍රාහරය වෙන්න ඉඩ දීලා බලාගෙන ඉඳලා රට විනාශ කෙරුවේ අපිද?

:       9       24

සුමනදාස Friday, 03 November 2023 07:16 PM

දුක් වෙන්න එපා. සුබ පණිවිඩයක් අද හෙටම එනවා..!

:       27       63

pjSaturday, 04 November 2023 02:25 AM

සුමනදාස සහ මාරසිංහ අකුණු ගසන අවස්ථාවලදී ප්‍රවේසම් වන්න... අකුණු ගසන්න වහින්නම අවශ්‍ය නැහැ...

:       0       0

Rata Perata Friday, 03 November 2023 08:34 PM

අයියෝ... කවදා හොඳ පුවතක් ඒවිද මන්දා...?

:       0       1

chandima Saturday, 04 November 2023 12:20 AM

පව් ළමයින්ට දවසක් ඉස්කෝලෙ පාඩු වුණා... මෙයා කඩාපාත්වෙලා... අනේ අම්මපා පෙරළියන් බර කරත්තෙ පෙරළියන්...!

:       0       1

Perera Saturday, 04 November 2023 06:57 AM

ගියා නම් ඉවරයි...!

:       0       0

Bunny Preena Saturday, 04 November 2023 09:18 AM

තවත් කෙනෙකුට මරණය ප්‍රාර්ථනා කරනා පුද්ගලයා හොඳ කෙනෙකු නෙවෙයි..! 

:       0       0

අරවින්ද මොනරවිල Saturday, 04 November 2023 09:28 AM

ඒ හෙලිකොප්ටර්ය පැදවූ නියමුවාට නිකමටවත් රට වෙනුවෙන් තම ජිවිතය පරිත්‍යාග කරලා ජාතික වීරයෙක් වෙන්න තිබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතුනේම නැද්ද?

:       11       30

Bamunuarachchi Sunday, 05 November 2023 05:01 AM

අනුර යන අවස්ථාවක ඒක කරන්න ඉඩ තියා ගත්තා වෙන්න ඇති.

:       0       2

Kumara Saturday, 04 November 2023 05:35 PM

මල්වෙඩි සංදර්ශනයක් බලන්න තිබුණු වාසනාව නැතිවුණා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 272 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1003 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 258 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 978 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 389 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 585 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1011 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1439 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site