IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා අදාල  ගැසට් පත්‍රය නිකුත් කළේය. 

නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබේ. 

කොළඹ නගරයේ වරින් වර ඇතිවන උද්ඝෝෂණ  නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධි ආරක්ෂිත කලාප නම් කිරීම හරහා වෙනත් ගැටලු ඇතිවිය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ. 

ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධීකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. 

කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සන යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙම කාර්යය සිදුකිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.



අදහස් (17)

ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි

ravin Tuesday, 27 September 2022 03:53 PM

එයත් රිවස් ද?

:       1       11

Kumara Tuesday, 27 September 2022 05:01 PM

දෙකේ දෙකේ බඩු දැන් ලෑස්තිද?

:       0       5

මේඝ නෙරංජන් Tuesday, 27 September 2022 05:37 PM

නිවැරදි නීතිමය ප්‍රතිපාදන ඔස්සේ

:       0       4

Hafeel Tuesday, 27 September 2022 06:29 PM

මෙයාත් හරියට ගෞටාභය වගේ පෙන්නේ. මෙයාටත් කිසිම සැලස්මක් හෝ වැඩ පිළිවලක් හෝ නැහැ. සන්නද්ධ හමුදාව යොදවනවා කිව්වා. දැන් නිකුත් කල ගැසට් එක රිවස් කරන්න යන්නේ.

:       1       9

siri Tuesday, 27 September 2022 08:08 PM

"අධි ආරක්ෂක කලාප නියෝගය නීති විරෝධියි" කියලයි නීතිඥ සංගමය කියන්නේ. ඒ ගැන බයවෙලාවත්ද?

:       3       14

podi mole Tuesday, 27 September 2022 08:20 PM

රිවස් කිරීම ඇරඹුණු වගයි. ඔහොම යං, ඔහොම යං...

:       3       12

nimal Wednesday, 28 September 2022 06:09 AM

අධි ආරක්ෂිත කලාප නම්කිරීම හේතුවෙන් එම කලාපය තුළ වරින්වර ඇතිවන උද්ඝෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බව සත්‍ය වුවත්, මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් හෝ "වෙනත් ගැටලු" එල්ල නොවේ. මෙම ගැසට් පත්‍රය නිකුත් ව තිබෙනුයේ එම කලාපය තුළ උද්ඝෝෂණ නැවැත්වීම සහ රාජ්‍ය දේපල හානි වුවහොත් එය වළක්වා ගැනීම සඳහා මිස වෙනත් හේතුවක් නොමැති බව පැහැදිලි වේ. උද්ඝෝෂණ අධි ආරක්ෂිත කලාප තුළ නොව ගමට ගෙන යා යුතුවේ. විදෙස් මාධ්‍ය ගමට නොපැමිණෙන නිසා අධි ආරක්ෂිත කලාප තුළ කොළඹ නගරය තුළ උද්ඝෝෂණයට තෝරාගැනීම ප්‍රචාරණය සඳහා පමණක් සුදුසු වේ.

:       11       5

achini Wednesday, 28 September 2022 09:45 AM

කාගෙන්ද උපදෙස් ගන්නේ... රිවස් නන්දෙ ගෙන්ද?

:       6       17

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 28 September 2022 10:55 AM

ඔය උපදේශක වරුන් කියන්නේ බොහෝවිට රජ්ජුරුවන්ගේ වඳුරා වගේ අය කියා සිතෙනවා.රජතුමාට තියෙන දැඩි හිතවත්කම නිසා මැස්සෙකු හෝ මදුරුවෙකු ඇඟේ ගැහුවොත් දුරදිග නොබලා කඩුවෙන් කොටනවා.හරියට අන්න ඒ වගේමයි මේ උපදෙස් දී තිබෙන්නේ.ජනපති තුමා හොඳින් නීතිය දත් කෙනෙකු හා විශ්ව විද්‍යාලයේ නීතිය උගත් කෙනෙක්.ඒ නිසා මින් ඉදිරියට හෝ මෙවන් උපදෙස් දෙන උපදේශකයන් දෙන උපදෙස් ගැන අවදි වුණු බුද්ධියෙන් විමසා බලන්න.

:       1       12

senaWednesday, 28 September 2022 11:21 AM

මෙයාගේ බුද්ධි නහර වේලිලා කවුරු හරි කියන කොට අත්සන් කරනවා. තව කවුරු හරි කිව්වාම ඉල්ලා අස්කර ගන්නවා. නන්දෙගේ කපාපු පලුව...

:       6       14

Rata Perata Wednesday, 28 September 2022 12:07 PM

මේ ඔක්කොම මෝඩයින් තමයි.

:       2       7

සන්කා Wednesday, 28 September 2022 12:43 PM

දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවාද? පාලකයින් කලින් කරපු සහ දැනුත් එළිපිටම කරන ප්‍රකෝටි ගණන් කරන හොරකම් නිසාත් වැඩිවන බඩුමිල සහ අත්‍යාවශ්‍ය බඩු හිඟවීමට විරුද්ධව සාමකාමීව කරන අරගලවලට ප්‍රසිද්ධියේම මැරවරයින් සහ ආරක්ෂක අංශ යොදවා කරන පහරදීම් සිදුවෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේද? එදා අරගලකරුවන් තමන්ගේ බුද්ධිය මෙහෙයවලා මහ මැතිවරණයක් තියන්න බලකළා නම් මේ වෙනකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට වැඩකරන මිනිස්සු ඉන්න ආණ්ඩුවක් පත් කරගන්න තිබුණා. අපරාදේ...!!!

:       1       8

Laankikakaya Wednesday, 28 September 2022 01:15 PM

ජය වේවා මතිදුනි ඔබයි කොළඹ බේරාගත් විරුවා..

:       7       2

de silva Wednesday, 28 September 2022 02:22 PM

රනිල් වැඩිම වුණොත් තව අවුරුදු 2 වාහනේ මිදුලේ ඉස්සරහට පස්සට ගනිමින් සිටීවි. රටේ ජනතාව සිංහල දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි, උඩ රට, පහත රට, ගොවිගම, කරාව, වාමාංශික, දක්ෂිණාංශික වශයෙන් බෙදිලා හිටිය කාලය අවසන් වෙමින් තිබේ. දැන් රටේ ජනතාව පෙළ ගැසනේනේ රනිල් රාජපක්ෂ ප්‍රමුඛ, පක්ෂ විපක්ෂ ස්වාධීනවෙලා සිටින හොර දේශපාලකයෝ පලවා හැරීමේ අරගලය, සමාජ්‍ය මාධ්‍ය ජාල හරහා ක්‍රියාත්මක වුණ තරුණ මාධ්‍යෙව්දීන් මෙම කතිකාව ආරම්භ කරලා තිබෙනවා.

:       3       5

ගමේ එකාලා Wednesday, 28 September 2022 02:38 PM

අදිආරක්ෂිත කලාප දාලා ජනතාව බයකරන්ඩ බැරිබව තේරිලා ? ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ දූෂිත දේසපාලුවෝ .

:       2       9

කෝරළගේ Wednesday, 28 September 2022 04:56 PM

අපි දැක්කා ජපානයේ ටෝකියෝ වලත් ලාංකිකයින් රැස්වෙලා පස්ස දොරෙන් ආපු ලංකාවේ ජනාධිපතිවරයාට විශාල විරෝධතාවයක් තියලා ලංකාව තවත් හොරා කන්නේ නැතුව අස්වෙලා ගෙදර යන්න කියනවා. මේවා දැකලා අපේ මේ හොර දේශපාලන නායකයින් නිසා බංකොළොත් වුණු ලංකාවට සත පහක ආධාරයක් ජපන් රජය කරයිද?

:       4       4

sharm warn Friday, 30 September 2022 04:59 PM

ලංකාව ජපානයක් කරන්න...? සේරටම කළින් ඔය පාර්ලිමේන්තුව කියන උත්තරීතර සභාව කාලකණ්ණි හොරුන්ගේ ගුබ්බෑයමක් කරපු නාකි ටික පන්නලා දාන්නම වෙනවා. අඩුගානේ මාලදිවයින තරමට වත් එන්නනම්.. ජපානෙ කෙසේවෙතත්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 75 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1592 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 484 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 560 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 423 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site