IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී

 (බී.ජි චතුරංග සහ අංජුල මහීක වීරරත්න)

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන්  වැඳපුදාගනිමින්  ආශිර්වාද ලබා ගත්තේය. 

ප්‍රථමයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,  මහා විහාරයට ගොස් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු අටමස්ථානයේ නායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව හේවිසි  බෙර හඩ මධ්‍යයේ මහා සංඝරත්නය සමඟින් උඩ මළුවට ගොස් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන  ජය ශ්‍රී මහා බෝධි බණ ශාලාවේදී  මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද පිරිත් නූල් බැඳ ආශිර්වාද ලබා ගත්හ.

එහිදී   අනුශාසනාවක් සිදු කළ අටමස්ථානාධිපති  පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පැවසුවේ, මේ දේශපාලන මඩ ගොහොරුව, නරාවල, සිහි බුද්ධිය ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුට හැසිරෙන්න තරම් සුදුසු භූමියක් හැටියට මහා සංඝරත්නය  දකින්නේ නැති බවය.  මහා සංඝරත්නය විදියට  අපි මේක දකින්නේ ඈත සිට බවත්, ඒ මඩ වලේ දඟලන අය කොහොම එය දකිනවද දන්නේ නැතැයි ද කීහ. ඒ නිසා යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න අනුර කුමාර දිසානායක මහතාට  හැකි වේවායි ප්‍රාර්ථනා කරන බවත් උන්වහන්සේ පැවසූහ.



අදහස් (0)

ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site