
(අංජුල මහික වීරරත්න)
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
ඉන්දියාව ,චීනය සහ එක්සත් අරාබියේ සංචාරය කොට තිබෙන අතර සැප්තැම්බරයේ දි ජපානයට එන්නැයි ආරාධනාවක් ලැබී තිබෙන බව ජනාධිපතිවරයා කීය.
"පළමු වතාවට රට ගොඩනඟන ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙනවා මීට පෙර හැදුනේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ගොඩනැගෙන ආණ්ඩු.
අප සැලකිය යුතු ප්‍රමාණයකින් මේ ආර්ථික අර්බුදය සමනය කරගෙන තිබෙනවා.ඩොලරය නිදියන විට තව අගයකුත් නැගිටින විට තව අගයකුත් ලෙස පැවතුණා.අද වන විට ඩොලරය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගන්නට හැකියාව ලැබී තිබෙනවා.
ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවරයි. පොලී අනුපාතය 30-35% අගයකට ගියා.එය අද වන විට සියයට දහයකට වඩා අඩු අගයක තබාගෙන සිටිනවා.එය ආර්ථික ස්ථාවර බව පිළිබඳ සාධකයක් .
මෙරට විදෙස් ආයෝජන දාලා ගියා. විදේශ ආයෝජන නතර වුණා.ඉන්දීය ,ජපන්, චීන රජයන් ඔවුන්ගේ නතර කෙරුණු සියලු ව්‍යාපෘති නැවත ඇරැඹීමට තීරණය කර තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂාවෙන් කතා කරන නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා.වැටුප් වැඩි කරලා තියෙනවා. තවත් පහසුකම් දෙනවා.රාජ්‍ය සේවකයන්ට ඉතිහාසයේ වැඩිපුරම වැටුප් වැඩිවීම ලබාදී තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙම ජනරැළිය පැවැත්විණි.
COMMENTS
මේවා අහනකොට හිනා යනවා
තව බොරුවක්...
ආරාධනා කරලා තියෙන්නේ , බුලට් දුම්රියේ වේගයට වැඩිය වේගයෙන් පච විදින මැෂින් එක කවුද කියලා බලන්න...!
ලොකුම බොරුව තේරීමේ තරගයකටද? අපේ රටට රන් පදක්කම ශුවර්...
ජපානයට පෙර ඇමෙරිකාවට ගොස් ඩොනල්ඩ් ට්‍රුම්ප් මුණගැසෙන්න. ඔහු ලංකාව ගැන විශේස අවධානයෙන් ඉන්නේ.
අනිවාර්යයෙන්ම රංවලගේ සහතිකය හම්බවෙලා ඇති...
ජනාධිපතිතුමනි, ඔබේ රජය රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරපු බව ඇත්ත. මම ඒක අගය කරනවා. නමුත් ඉහළ නිලධාරීන්ට තමයි මේ වැටුප් වැඩිවීම නිසා වාසි වුනේ. පහළ සිටින සේවකයින්ට ලැබුණු ප්‍රතිලාභය ඉතා අල්පයි. ඔබතුමා මැතිවරණවලට කලින් කිව්වේ වැඩියෙන් ලැබෙන අයට අඩුවෙනුත්, අඩුවෙන් ලැබෙන අයට වැඩියෙනුත් ලැබෙන විදිහට රජයේ සේවකයින්ගේ වැටුප වැඩි කරන බවයි. රනිල් ගෙදර යන්න ආසන්නයේදීත් ඉහළ නිලධාරීන්ට 25000.00 ක දීමනාවක් දුන්නා. අනිත් සේවකයින්ට ඒකෙන් රුපියලක්වත් වැඩිවුනේ නෑ. මෙවරත් ඉහළ නිලධාරීන්ට රු 25000.00 ක් 30000.00 ක් වගේ වැඩිවෙලා තියෙනවා. හැමෝටම සාධාරණ දීමනාවක්වත් දෙන්න තිබුණා. මේ වැටුප් වැඩිවීම පොඩි සේවකයා නොසලකා කරපු අසාධාරණ වැටුප් වැඩිකිරිමක්. මට දුක පහළ පන්තියේ සිට ආපු ඔබවැනි අපේ කෙනෙකුත් අපිට මෙහෙම කරන එකයි.
ජපන් කයිවාරුවක්
සජිත් ප්‍රේමදාස මහතාවත් එක්ක යන්න මොකද සජිත්ට ඡපන් පුළුවන්...