(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම කල් ගියේය.
එම යෝජනාව අද දිනයේදී විවාදයට ගැනීම සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ අරමුණ විය.
යෝජනාව අද දිනයේදී විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් (මෝසමක්) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
සාමාන්‍යයෙන් එම යෝජනාව විවාදයට ගැනීමට නම් ස්ථාවර නියෝග අනුව එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ දින පහක් තැබිය යුතුවේ. ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් මෙලෙස සම්මත කර ගැනීමට විපක්ෂය උත්සාහ ගත්තේ යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඊයේ දිනයට දින පහක් සම්පූර්ණ නොවීම නිසාය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග අත්හිටුවීමට විරුද්ධත්වය පළ කළේය.
මෙනිසා ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.
ඒ අනුව ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව මේ අනුව වැඩි ඡන්ද 51 කින් පරාජයට පත්විය.
එම යෝජනාවට විරුද්ධව ඡන්ද 119 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 68 ක් පමණි.
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.
මේ අතර කතානායකවරයාට බාර දීමෙන් පසු පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති පසුගිය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉන් ඉවත් කරගන්නැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉල්ලීමක් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විවාදයට ගැනීම කල් යයි