
(ජේ.ඉඳුරුවගේ )
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් ගැසට් නිවේදනය අද (27) ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි .
පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාම එම සන්නද්ධ හමුදාවන්ට පැවරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද ? ජනාධිපතිවරණයට ඒකෙන් බාධාවක් නැහැනෙ ?
පොලිස්පති පත්කරන්න විතරද ඡන්ද නීතිය යටතේ බැරි?
මොකද? පොලිසියේ කට්ටිය මාලිමාවට හැරිලාද? හමුදාව ගෙන්නුවත් එච්චරම තමයි. එව්වාගේත් ඉන්නේ ලංකාවේ මිනිස්සු. කන්න, අඳින්න නැතිව දුක්විඳින පවුල්වල ළමයි. ඔය මොනවා කළත් දිගටම පිනට ඉන්න බැහැ.
මේ පාර එවන්න ලෑස්තිවෙන්නේ කහ කට්ටියද? කොළ කට්ටියද? නැතිනම් රතු කට්ටියද?
හැම සති දෙකකට වරක් මවගේ ඔය ආඥාව දෙනවානේ. තව මාසෙකට අඩු කාලයක්නේ තියෙන්නේ. ඒ සීමිත දිනගානටත් කරන්න තියෙන හැම එකක්ම කරලා. දැන් ඉතිං ඔය පුටුවට එන්නනේ UNP එකේත් මහ පුටුව සුදුස්සන්ට නොදී බදාගෙන සිටියේ. කුමක් හෝ අවාසනාවකට ඔබතුමාට හැකි කාළේ, බලය ලැබුණෙත් නැහැ. ඒ කෙසේ වෙතත් UNP කාරයෝ අවු. 30 ක කරුමයක් ගෙව්වා. මේ පාර ඔබතුමාට කිසිසේත්ම ජනතා කැමැත්තක් ලැබෙන්නේ නැහැ. එසේ වුවොත් වැරදිලාවත් UNP කාරයෝ තවත් අවුරුදු 5ක් කරුමේ ගෙවන්න ඕනේ. රටට සුවිශේෂ වැඩ කොටසක්කළ දැවැන්ත පක්ෂය නැත්තටම නැතිකළා ඔබතුමාගේ ආත්මාර්ථකාමීත්වය විසින් සහ පාක්ෂිකයින්ට අවුරුදු 30ක විණයක් කළා. තවත් අවුරුදු 5ක් ඉදිරියට එය ගෙනයන්න එපා කරුණාකර . දැන් ඇති. සැප්. 21 පසු දෙවියන්ගේ නාමෙට පැත්තකට වෙලා ඉන්න.
පෙර සූදානම පේනවනේ.කුමන ලෙස බලපෙරලියක් උනත් ලේසියෙන් අත හරී කියලා නම් හිතන්න එපා.
නෙදකින්
මොකාටද එන්න හදන්නේ??
බොහෝ දවසක් අමතකව තිබිලා හදිසියේම මතක් වෙලා .