
(ජේ.ඉඳුරුවගේ )
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් ගැසට් නිවේදනය අද (27) ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි .
පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාම එම සන්නද්ධ හමුදාවන්ට පැවරේ.

2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි
ජගත් ලියනගේ Tuesday, 27 August 2024 07:15 PM
ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද ? ජනාධිපතිවරණයට ඒකෙන් බාධාවක් නැහැනෙ ?
chandima Tuesday, 27 August 2024 07:48 PM
පොලිස්පති පත්කරන්න විතරද ඡන්ද නීතිය යටතේ බැරි?
amila Tuesday, 27 August 2024 07:51 PM
මොකද? පොලිසියේ කට්ටිය මාලිමාවට හැරිලාද? හමුදාව ගෙන්නුවත් එච්චරම තමයි. එව්වාගේත් ඉන්නේ ලංකාවේ මිනිස්සු. කන්න, අඳින්න නැතිව දුක්විඳින පවුල්වල ළමයි. ඔය මොනවා කළත් දිගටම පිනට ඉන්න බැහැ.
mahela Tuesday, 27 August 2024 07:53 PM
මේ පාර එවන්න ලෑස්තිවෙන්නේ කහ කට්ටියද? කොළ කට්ටියද? නැතිනම් රතු කට්ටියද?
Priyantha Dissanayake Tuesday, 27 August 2024 09:13 PM
හැම සති දෙකකට වරක් මවගේ ඔය ආඥාව දෙනවානේ. තව මාසෙකට අඩු කාලයක්නේ තියෙන්නේ. ඒ සීමිත දිනගානටත් කරන්න තියෙන හැම එකක්ම කරලා. දැන් ඉතිං ඔය පුටුවට එන්නනේ UNP එකේත් මහ පුටුව සුදුස්සන්ට නොදී බදාගෙන සිටියේ. කුමක් හෝ අවාසනාවකට ඔබතුමාට හැකි කාළේ, බලය ලැබුණෙත් නැහැ. ඒ කෙසේ වෙතත් UNP කාරයෝ අවු. 30 ක කරුමයක් ගෙව්වා. මේ පාර ඔබතුමාට කිසිසේත්ම ජනතා කැමැත්තක් ලැබෙන්නේ නැහැ. එසේ වුවොත් වැරදිලාවත් UNP කාරයෝ තවත් අවුරුදු 5ක් කරුමේ ගෙවන්න ඕනේ. රටට සුවිශේෂ වැඩ කොටසක්කළ දැවැන්ත පක්ෂය නැත්තටම නැතිකළා ඔබතුමාගේ ආත්මාර්ථකාමීත්වය විසින් සහ පාක්ෂිකයින්ට අවුරුදු 30ක විණයක් කළා. තවත් අවුරුදු 5ක් ඉදිරියට එය ගෙනයන්න එපා කරුණාකර . දැන් ඇති. සැප්. 21 පසු දෙවියන්ගේ නාමෙට පැත්තකට වෙලා ඉන්න.
මහසෙන් Tuesday, 27 August 2024 09:16 PM
පෙර සූදානම පේනවනේ.කුමන ලෙස බලපෙරලියක් උනත් ලේසියෙන් අත හරී කියලා නම් හිතන්න එපා.
Krishan Tuesday, 27 August 2024 09:20 PM
නෙදකින්
Deepal Wednesday, 28 August 2024 07:59 AM
මොකාටද එන්න හදන්නේ??
ලුම්බිණි Wednesday, 28 August 2024 09:07 AM
බොහෝ දවසක් අමතකව තිබිලා හදිසියේම මතක් වෙලා .