
(යොහාන් භාසුර)
මාස දෙකක් යන තෙක් රටේ බලශක්ති ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා තරුණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයේ මහා සභාවේදී පසුගිය සතියේ දෙවරක්ම පොරොන්දු වූ බවත් ගිය සතියේ දුන් පොරොන්දුව සතියක් යනවිට කඩකරන ජනාධිපතිවරයෙක් රටට බිහිවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (16) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
පසුගිය සතියේ ජනාධිපතිවරයා තරුණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයේ මහා සභාවට සහභාගි වී ඔහුගේ දේශනය අතර තුර දෙවරක් මේ රටේ දේශීය තරුණ ව්‍යවසාකයින්ට මාස දෙකක් යනතුරු මෙරට බලශක්ති ප්‍රශ්නයක් වීමට ඉඩනොදෙන්නේ යැයි පැවසූ බවත් අඛණ්ඩ බලශක්ති සැපයුමක් කරනවා කරන අතර ජනාධිපතිතුමා පොරොන්දුව සතියක් යනවිට කඩකිරීම තුළින් මේ රටේ රටේ ව්‍යවසාකයින්, මේ රටේ ආර්ථිකයට දායක වන්නේ කෙසේද කියන කාරණයවත් මේ රටේ ජනාධිපතිවරයාට නොතේරීම ඉතාම කණගාටුදායක තත්වයක් බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්නාරමේ තෙල් තියනවා කීවේ මෙයාගේ ලොක්කා තමා.
මේ නම් අමු පිස්සෙක් අවස්තාවාදියෙක්, මිනිසුනේ මුන් වගේ කරුමක්කාරයන් මේ දේශාපාලන අතුගා දමන්න.
ඔයාලා රට බංකලොත් කරපු නිසා තමයි එදා රටතුල විදුලි කප්පාදු ඇතුළු බලශක්ති ඇති කලේ. අද තත්වය එහම නොවේ. මැද පැරදික කලාපය ඇමරිකානුවන් විසින් ඇති කල අනවශ්‍ය යුද්ධය නිසා, සමස්ත ලෝකේම බලශක්ති අර්බුදය ඇති වෙලා තියන්නේ. ඔයාලාට වත්මන් බලශක්ති අරබුදය පිළිබඳව කතා කරන්න කිසිම සදාචාරය අයිතියක් නැහැ.
මේවා පාලනය කරන්නේ ඒකට කියලා තේරුම් ගන්න තරම්වත් මොලයක් නැති මිනිසෙක්
යූද්දය පටන් ගත්තේ අනුර නෙවෙයි,,,ට්‍රම්ප් සීයා සහ නෙතන් සීයයි,,, ඒ ගොල්ලෝත් නන්නත්තාර වෙලා ඉන්නෙ,,,ඹය අය්යලා කෑගැහුවට සීයලාට තවම බයයි නේද????
එතකොට ඔබලා බබාලාද ? කොහෙටත් නැති අපතයක්.
මෝඩයෝ, ලෝක තත්වේ බලපන්, අඩුම ගානේ උඹගේ අඹුවට කියලවත් පුවත්පත් සමරි ටික අරගෙන කියවපන් බුරුවෙක් වගේ පිස්සු කියවල, උඹලට කඩේ යන බයියන්ගේ ඔලු කුරුවල් කරන්නේ නැතිව. මුට PhD එකකුත් තියෙනවා ලු නේද ?
මාස දෙකෙන් ගහන තෙල් ටික සුමානෙන් ගහන්න ගියාම එහෙම වෙනවා. ඒක තමයි QR එක දැම්මේ . තේරෙන්නේ නැත්නම් ආයෙත් ඉස්කෝලේ යනවා.
අනේ උඹ වගෙ මෝඩයෙක්.. අනිත් රටවල් තෙල් හිගා කද්දි අපි මේ විදියට හරි හොදින් ඉන්න එක ගැන සතුටු වෙයන් කුහක නොවී
මෙතුමාත් නීතිඥයෙක් උනාට, මට හිතෙන්නේ ටිකක් අවුල් වගේ…!
මූ කවුද?
අපේ වහරේ තියෙනවා විලි සංගේ නැහැ කියල ව්‍යවහාරයක්. ලැජ්ජා බය නැතිකම. ලැජ්ජා නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියනවා.ඔය ඔක්කොටම උදාහරණයවශයෙන් පෙන්විය හැකි අයවළුන් තමා මේ පක්ෂේ ඉන්නේ. 2019 දී බිලියන 7ක සංචිත සමග රට බාරගෙන 2022 දී ඩොලර් මිලියන 150ක් එක්ක රට දාල පැනල දුවල සැගවිච්ච උන් දෙන ටෝක්. අනේ අපොයි. තෙල් නැවකට ගෙවන්න ප්‍රමානෙට මුදල් වත් භාණ්ඩාගාරයේ ඉතුරු නොකර ඒ නිසාම රටේ තෙල් ගෑස් පෝලිම් හදපු දුශිතයෝ නේද මේ කියල හිතෙනකොට මහමුදලිකම මතක් වෙනවා.මුන්ගේ පව් තමයි මේ ආණ්ඩුවට හා රටේ අනාගත සියලු රජයන්වලට ගෙවන්න වෙන්නේ.