IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘‘ජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ නාඩගම් නටන්න නොවේ‘‘

(සුජිත් හේවාජුලිගේ)

“මහජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ ජනතා අවශ්‍යතා ඉටුකිරීමට මිස බොරු නාටක රඟදැක්වීමට නොවෙයි” යැයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.

රටේ තරුණ පරපුරට, තරුණ වෘත්තිකයන්ට, ව්‍යාපාරිකයන් වෙනුවෙන් විශේෂ නිවාස ව්‍යාපෘති රැසක් ආරම්භ කරන බව ද ඔහු කීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ලුනාව ‘සී වීව් රෙසිඩන්ස්’ නිවාස ව්‍යාපෘතිය ඉකුත් 9 වැනිද‌ා ජනතා අයිතියට පත්කිරීමෙන් පසුව එහි පැවැති උත්සවයේදීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ සංවර්ධන අභිලාෂයන් ක්‍රියාවට නැංවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් ඇරැඹුණු මෙම නිවාස සංකීර්ණයේ පළමු ගොඩනැගිල්ල නිවාස 176කින් ද දෙවැනි ගොඩනැගිල්ල නිවාස 92කින් ද තෙවැනි ගොඩනැගිල්ල නිවාස 88කින් ද සමන්විතය.

නිවසක ප්‍රමාණය වර්ග අඩි 456ක් වන තර විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක්, නාන කාමරයක් සහ සඳළුතලයක් එයට අන්තර්ගත වේ.

මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 139කි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

“අපි මෑත කාලයේ මෙවැනි ව්‍යාපෘති රාශියකට සහභාගි වෙමින් තිබෙනවා. අපි ඒ ගැන විශේෂයෙන්ම සතුටු වෙනවා. හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින් ආරම්භ කරලා සියයට 90කට වඩා වැඩ නිම කරලා තිබූ මෙම ව්‍යාපෘතිය පසුගිය වසර පහේදී එතනම නතර වෙලා තිබුණේ එම කාලය තුළ මේ රට නතර වෙලා තිබූ ආකාරයටමයි. මේ නිවාස ව්‍යාපෘතිය හොඳම උද‌ාහරණයක් පසුගිය යුගය ගැන අපට තේරුම් ගන්න.

2010–2014 කාලයේ වැඩබිමක්ව තිබූ අපේ රට, වරාය නගරය නවත්වලා පටන් ගත්තු වැඩපිළිවෙළ මුළු රටටම බලපෑවා. මුළු රටේම ආර්ථිකය කඩා වැටිලා මහා අඳුරු යුගයක් ආරම්භ වුණා. ඒ දුෂ්කර යුගය අවසන් කරන්න තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ඇතුළු වර්තමාන රජය නැවත වගකීම භාරගත්තේ. අපි අපේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම සෞභාග්‍යයේ දැක්මට අනුව හැකිතාක් ඉක්මනින්, කඩිනමින් මේ වැටුණු අගාධයෙන් රට ගොඩගන්න කටයුතු කරනවා. ඒ නිසා බොහෝ වැඩ සිදුවෙන්නට පටන් අරන් තිබෙනවා.

ඒ අතරේ අපි කතා කරන්නේ නිවාස ගැන. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ කියවෙනවා අපේ රටේ ජනාධිපතිතුමාගේ අරමුණ එතුමා ඉතාමත්ම සරළව කියනවා. ඵලද‌ායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් කියලා. ඒ සතුටින් ජීවත්වන පවුලක් ගැන කතා කරන විට නිවාස කියන දේ ඉතාම වැදගත්. හිසට සෙවණක් අත්‍යවශ්‍යයි පවුලකට. අපේ රටේ නිවාස දෙස බැලුවාම ජීවත්වන පවුල් බොහෝ දෙනකුට තමන්ගේම කියලා නිවසක් නැහැ. මේ නිවාස නැති අය සෑම වර්ගයකම ඉන්නවා. දුප්පත් ජනතාව පමණක් නෙමෙයි, මැදි ආද‌ායම්, ඉහළ ආද‌ායම්ලාභීන් මේ සෑම ක්ෂේත්‍රයකම නිවාස ප්‍රශ්නය තිබෙනවා. එහෙම නම් අපි මේ සෑම ක්ෂේත්‍රයකටම විසඳුම් සෙවිය යුතුයි.

අවාසනාවකට වගේ සමහර අය මේ සිදුවන සංවර්ධනය දකින්නේ නැතිව සිදුනොවන දේවල් ගැන කතා කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැම තිස්සෙම සැකයෙන් බලන්නේ නැතිව විශ්වාසයකින් බලන්න. විශ්වාසයකින් බලනවා නම් අපට බොහෝ දේවල ඇත්ත බලන්න පුළුවන්.

අද පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම සාකච්ඡා වුණේ, ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ කනගාටුද‌ායක තත්ත්වය ගැන. මෙය ඊයේ පමණක් නෙමෙයි පසුගිය කාලය පුරාම දකිනවා. අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තු ආ නවක මන්ත්‍රීවරු ලෙස ඇමැතිවරු ලෙස බොහොම කනගාටු වෙනවා කලකට පෙර ජනතාව ප්‍රතික්ෂේප කළ දේවල් පාර්ලිමේන්තුවේ දකින්නට ලැබීම ගැන. එද‌ා 225 එපා කියලා ජනතාව කිව්වේ පාර්ලිමේන්තුව තුළ අර්බුද තිබූ නිසා. අපි විශාල උත්සාහයක් දරනවා පාර්ලිමේන්තුව තුළ ගෞරවය ආරක්ෂා කරන්න. ඒ සඳහා විපක්ෂයෙන් සහයෝගය ලබාදෙන්නේ නැහැ.

ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ වාදය අධිකරණයෙන් වරදකරුවකු වූ රන්ජන් රාමනායක මහතා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාම එය ප්‍රතික්ෂේප කිරීම කතානායකතුමා පාර්ලිමේන්තුවේ එය ප්‍රකාශ කළ පසුව ඇති වාදය කුමක් ද? පුවරු ඔසවාගෙන මහා ඝෝෂාවන් නගන විට අනවශ්‍ය කලබල පාර්ලිමේන්තුව තුළ ඇතිවීම වළක්වන්න පුළුවන් ද? අපේ පාර්ලිමේන්තුවේ මෙන්ම ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක සම්ප්‍රද‌ායක් තිබෙනවා

කතානායකවරයාගේ තීන්දුව අවසාන තීන්දුව කියලා. මේ ගැන සඳහන් කර කර අපට පසුගිය කාලයේ උගැන්වීමට ගිය අය අද කතානායකවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කර තිබෙනවා. මෙවැනි පිළිකුල් සහගත හැසිරීම් අපි වළක්වා ගත්තේ නැති නම් අපට රටක් ලෙස ඉදිරියට යන්න බැහැ. පාර්ලිමේන්තුවට ගෞරවය ගෙන එන්න හැම කෙනකුටම වගකීමක් තිබෙනවා. එම වගකීම මන්ත්‍රීවරුන් සෑම කෙනකුම බාර ගන්නේ නැත්නම් අපට මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. මහජන නියෝජිතයන් වශයෙන් අපිත් මහජනතාවත් ඉල්ලා සිටිනවා මේ සියලු දෙනාගෙන්ම තමන්ගේ වගකීම භාරගෙන පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න කියලා. ජනතාව අප එතැනට ඇරියේ ජනතාවගේ වගකීම් ඉටුකරන්න මිස එවැනි නාටක කරන්නට නොවේ.”

මෙම ලුනාව සී වීව් නිවාස සංකීර්ණයේ ප්‍රතිලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප්‍රද‌ානය රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අතින් එහිදී සිදුවිය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්.එල්. සම්පත් සුභසිංහ, එහි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර සහ නිවාස ප්‍රතිලාභීන් හා මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

 



අදහස් (1)

‘‘ජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ නාඩගම් නටන්න නොවේ‘‘

sampath Sunday, 18 April 2021 05:06 PM

අලුත් යමක් කළා කියලා සෑහෙන්න පුළුවන්ද අපිට නම් බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site