(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ වීරයකු වී සිටින ජනක රත්නායක මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කරගන්නා ලෙස ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
රට නැවත සංවර්ධන මාවතට යොමු කරන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නට විවිධ පුද්ගලයන් සම්බන්ධ වී සිටින බව කී රත්නප්‍රිය මහතා ජනක රත්නායක යනු එයින් කෙනෙක් බව සඳහන් කළේය.
තව ටික දවසකින් ජනක රත්නායකගේ ඇත්ත තත්වය රටේ ජනතාවට දකින්න පුළුවන් වනු ඇතැයි කී රත්නප්‍රිය මහතා මහජන උපයෝගීතා කොමිසමේ මීට පෙර හිටපු සභාපතිවරුන් තමන්ගේ රාජකාරිය මොකද්දැයි හරියට තේරුම් ගෙන වැඩ කළ බව සඳහන් කළේය.
මහජන උපයෝගීතා කොමිසම හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉවත් කළේ තනතුරට නුසුදුසු ආකාරයෙන් කටයුතු කිරීම නිසා බවද රත්නප්‍රිය මහතා කීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
ජනක රත්නායක මහත්මයාගේ අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය නිපුණත්වය සමග හැරෙන්නවත් බැරි මේ කොහේවත්, ඉන්න අයද දැන් ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ...? තමන්ගේ තරම දැනගෙන වැඩකරන්න... එනවා මෙතන බක පණ්ඩිතකම් දොඩවන්න. මොනවා කරන්නද ඉතින්...? ලංකාවේ පුස්සන් තමයි හැමදාම කරලියේ බඩ පිනුම් ගැහුවේ...!
ඔය කොයි කෙනාගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ජනතාවට තවමත් හිතවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 123 දැන් සැපද?
මෙයාට මොකක්ද තියෙන අයිතිය විපක්ෂය ගැන කතා කරන්න. ඔයා රනිල්ට කඩේ යන්න විපක්ෂයේ වැඩ ඒ ගොල්ලෝ කරගනියි...
ජනාධීපතිවරණයක් පැවැත්වුවහොත් මේ කියන විදියට ආණ්ඩුව නියෝජනය කරන පොදු අපේක්ෂකයා සමන් රත්නප්‍රිය? මගේ අම්මෝ අරගලයක් කරපු විප්ලවය... කොහේ වැටිලා හිටපු කෙනෙක්ද? කටුස්සගේ කරේ රත්තරන් බැන්දා කියන්නේ මේ වගේ සිද්ධිවලට වෙන්න ඇති...
දේශපාලුවන්ට ගොට්ට අල්ලලා ලොක්කෙක් වුණාට තමුන් මහා ලොකු කෙරුමෙක් කියලා හිතාගෙන ඇති...
මේ අර කුප්‍රකට ඇන්ජීඕ පප්පා නේද විපක්ෂයට උපදෙස් දෙන්නේ...! දවස් දෙක තුනක් මන්ත්‍රීකම කරලා V8 එකක් අරගෙන විකුණා ගත්තේ... ජනාධිපතිටත් වෙන කවුරුත්ම හිටියේ නැද්ද වෘත්තීය සමිති උපදේශකකම දෙන්න...!
කොච්චර කෑ ගැහුවත් ඔහෙලා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුන අය .දැන් මෙහෙ එක එක තනතුරු ගත්තට ,පිට රටක හිටියානම් පඩේකට ගණන් ගන්නේ නෑ ඔහෙලා වගේ කහින උන්
දේශපාලන සම්ප්‍රප්පලාප සහ පුස් කතා ප්‍රධාන මාධ්‍ය ධාරාවන් තුල ප්‍රචාරය කිරීම හෙලා දකිමි. මින් හුදෙක් නොමග යන්නේ තාරුණ්‍යය සහ ලමා මනසයි.
මේ මොන ගෙම්බෙක්ද රටේ ජනාධිපති අපේක්ෂකයා තීරනය කරන්න.
අර උණුවතුර බෝතලේ
ජනක රත්නායක මහත්මයාගේ අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය නිපුණත්වය සමග හැරෙන්නවත් බැරි මේ කොහේවත්, ඉන්න අයද දැන් ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ...? තමන්ගේ තරම දැනගෙන වැඩකරන්න... එනවා මෙතන බක පණ්ඩිතකම් දොඩවන්න. මොනවා කරන්නද ඉතින්...? ලංකාවේ පුස්සන් තමයි හැමදාම කරලියේ බඩ පිනුම් ගැහුවේ...!