(නිමල කොඩිතුවක්කු)
ජාති භේදයකින් තොරව රටේ සියලූ ප‍්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙන් කැපවෙන බව විශේෂ ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍ය වී. රාධ ක‍්‍රිෂ්ණන් මහතා කොළඹදී පැවැසීය.
මෙරට ජනතාවගේ ජීවන තත්වය නැංවීමට අවශ්‍ය ආර්ථික සැළසුම් ප‍්‍රාදේශීය මට්ටමින් සකස් කර ඒ මගින් රට දියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි පැවැසීය.
කොල්ලූපිටියේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වී. රාධ ක‍්‍රිෂ්ණන් මහතා මෙසේද කීවේය.
‘‘නව අමාත්‍යධුරයක් මට ලැබිලා තියෙනවා. ඒ අභියෝගය බාර ගනිමින් රට වෙනුවෙන් සේවය කිරීමට මම කැපවෙනවා. මම පාර්ලිමේන්තුවට එවීම සදහා දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවත් මට විශාල ඡුන්ද ප‍්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඒ නිසා ජාති භේදයකින් තොරව මේ සියලූ දෙනාටම සේවය කිරීමට මම කටයුතු කරනවා.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව රජයක් මගින් ආර්ථික වශයෙන් රට ගොඩනැගීම සදහා අපි සැළසුම් සකස් කර තිබෙනවා. මේ නව තනතුරත් සමග රට මුහුණ දී තිබෙන මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනිම සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනිමටත් මම කැපවෙනවා.
දැන් නව ව්‍යවස්තාව සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙනවා. මේ රජය බළයට පත්වෙනවිට ජනතාවට ඡන්ද පොරොන්දුවක් දීලා තියෙනවා අලූත් ව්‍යවස්ථාවක් මගින් සුලූ ජනතාවගේ ප‍්‍රශ්ණ විසදනවා කියලා. ඒ නිසා නව ව්‍යවස්තාව මගින් ජනතා ප‍්‍රශ්ණ විසදීමට ආන්ඩුව කටයුතු නොකළොත් සුලූ ජාතීන්ගේ සහයෝගය මේ ආණ්ඩුවට අහිමිවේවි.
බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබා දෙනවා කියළා අපි පැහැදිලිවම කියලා තියෙනවා. ඒ වගේම රට බෙදන්නේ නැහැ කියලා. එහෙම කියද්දි මේ අය බොරු ප‍්‍රචාර ගෙනියනවා.
ආණ්ඩුව මොන මොන දේ ගෙනාවත් රටට එරෙහි පිරිස් එයට විරුද්ධ වෙනවා. ඒ අයට අවශ්‍ය ජාතිවාදය අවුස්සලා ඒ තුලින් බළයට පත්වීමටයි. ඒ නිසා ආණ්ඩුව රට ගැන සිතා කටයුතු කල යුතුයි. ඒ සදහා අපි ඕනෑම සහයෝගයක් ලබාදෙනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ජාති භේදයකින් තොරව රට සංවර්ධනයට පියවර ගන්නවා‘