(විනීතා එම් ගමගේ)
ජාතික ළමා රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඞ් 19 වයිරසය ආසාදනය වී තිබේ.
එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට මෙම වයිරසය ආසාදනය වූ පළමු වතාව මෙය බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.
රෝගී දරුවන් හා ඔවුන්ගේ භාරකරුවන් 32 දෙනෙකු ඉකුත් මාසයක කාලය තුළ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හමුවූ බව ද අධ්‍යක්ෂවරයා කීය.
කොවිඞ් 19 වයිරසය අසාදනය වූ වෛද්‍යවරයා වාර්තාවූයේ මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇති බවත් අධ්‍යක්ෂවරයා කීය.
කොවිඞ් 19 දෙවන රැල්ල ඇරඹි ඉකුත් ඔක්තෝබරයේ සිට මේ දක්වා මෙම ළමා රෝගීන් 20 දෙනාද ඔවුන්ගේ භාරකරුවන් 12 දෙනා ද රෝහල් වාට්ටුවලින් වාර්තා වූ බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙතෙක් හමුවූ රෝගීන් ගෙන් වෙනත් රෝගීන්ට හෝ භාරකරුවන්ට වයිරසය වැළඳීමට ඉඩකඩක් නැතැයි ද එම රෝගීන් හා ආශ්‍රිතයන් ප්‍රතිකාර හා නිරෝධායනයට ලක්කර ඇති බවත් වෛද්‍ය විජේසූරිය කියා සිටියේය.
මෙසේ කොරෝනා රෝගීන් හමුවීම හේතුවෙන් යම් රෝගයකින් පෙළෙන දරුවෙක් රෝහලට ගෙන ඒමට බිය විය යුතු නැතැයි කී අධ්‍යක්ෂවරයා ළමා රෝහලේ දී කොවිඞ් ආසාදනය වූ රෝගියෙකු ගෙන් තවත් රෝගියෙකුට බෝවීමට ඉඩ තබා නැතැයි ද කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජාතික ළමා රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා