IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දුෂිත ආයතනයක් වෙලා’

(නිමල කොඩිතුවක්කු) 
                              
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට රටේ පවතින දූෂිතම ආයතනයක් බවට පත්ව ඇති බවත් එහි වගකීම වත්මන් සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය බාර ගත යුතු බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය  සුරැකීමේ සංවිධානය  කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.   
                                   
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉදිරි මාසවල වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තත්වයකට පත්ව ඇති බවත් එම අධිකාරියේ කටයුතු සම්බන්ධයෙන් වහාම විගණනයක් සිදුකරන ලෙසට විගනකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම සංවිධානයේ සභාපති සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පැවැසීය.  
                               
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය  සුරැුකීමේ සංවිධානය  මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද (24) පැවත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.  
                            
එහිදී වැඩිදුරටත් අදහස් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා මෙසේද කීය.     
                  
‘‘ජාතික නිවාස සංවර්ධන අධිකාරිය  කියන්නේ මෙරට නිවාස පිළිබඳව ඇති ප‍්‍රධානතම ආයතනයයි. එහි දිස්ත‍්‍රික් කාර්යාල 25ක් පමණ තියෙනවා. 1979 වසරේ ඇරඹි මෙම ආයතනය ආරම්භයේ සිටම දේශපාලනයට යටවූ ආයතනයක් බවට ප‍්‍රචලිතයි.  
                                   
2015 මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ මේ ආයතනය  දිනෙන් දින කඩා වැටෙමින් තියෙනවා. මාර්තු මාසය වනවිට මේ ආයතනයේ සේවකයන්ට  වැටුප් ගෙවීමේ ගැටලූවක් තියෙනවා.  දැනටමත් මේ ආයතනයේ සේවකයන්ට ලබා දුන්න සුබ සාධක පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් කප්පාදු කරමින් සිටිනවා.     

              
ජනතාවට නිවාස  දෙනවා කියලා ප‍්‍රචාර ගෙන ගියාට  ඇත්ත කාරණය තමයි  ජනතාවට නිවාස දෙන මුවාවෙන් දේශපාලන හෙන්චයියන්ගේ මඩමක් බවට අද මෙම ආයතනය පත්ව තිබෙනවා.   
                                                
මේ ආයතනය මේ  තත්වයට පත්කිරීමට ප‍්‍රධාන වගකිවයුත්තා ආයතනයේ වත්මන්  සභාපති  ලක්විජය සාගල පළන්සූරිය මහතායි. ඔහු ඇමතිවරයාත් අන්දවලා මේ කටයුතු කරගෙන යනවා."



අදහස් (0)

‘ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දුෂිත ආයතනයක් වෙලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16886 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site