දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ රැස්වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ චීනය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.
ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 9,800 කට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත් වී ඇතැයි පැවැසෙයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. ගොඩබිමින් සහ ගුවනින් එල්ල කරන එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වන බොහෝ දෙනා ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ය.
මීට පෙර අවස්ථා හතරකදී ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය.
සටන් නැවැත්වීමටත් සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායලයට බල කරමින් යෝජනා ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.
ඒ සෑම යෝජනාවකටම ඇමෙරිකාව නිෂේධ බලය භාවිත කරමින් විරෝධය පළ කළේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණය නිවැරදි බවත් ඊට තමන්ගේ සහාය හිමිවන බවත් පෙන්වා දෙමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි
යෝගා Monday, 06 November 2023 10:40 AM
හමාස් කියන්නේ කොටි වගේම ත්‍රස්තවාදීන්. ඔවුන්ව සහමුලින්ම විනාශ කරන්න ඕනෑ...
Hafeel Monday, 06 November 2023 02:01 PM
හමාස් සටන් කරන්නේ ඔවුන්ගේ නිජ භුමිය වෙනුවෙන්. නමුත් කොටි ත්‍රස්තවාදීන් සටන් කළේ රටෙන් කොටසක් කඩලා වෙනම රාජ්‍යයක් බිහි කරන්න...!
Nimal Monday, 06 November 2023 10:57 AM
ඇමෙරිකාව චණ්ඩියා වගේ හිටියට ළඟදීම කාගෙන් හරි හොඳ කෑමක් කනවා.
Sameera Monday, 06 November 2023 01:37 PM
කව්ද ඔය ගොන් කතාව කියල දුන්නෙ.