IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී



(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය.

මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදා බට පිරිස්  ලබාදීමට අදාල අංශ කටයුතු කරමින් සිටින බව දැනුම්දී ඇතැයිද  ඔහු කීවේය.

මැතිවරණයෙන් පසු කුමන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීමට රජය  ත්‍රිවිධ හමුදා වට පිරිස් වලට දැනටමත් උපදෙස් ලබා දී ඇත.

එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් වෙඩි තබා හෝ අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවන්ට උපදෙස්දී ඇත.

මැතිවරණයෙන් පසු සති දෙකක් යනතුරුද රැස්වීම් පෙළපාළි  තහනම් බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම නීතිය කඩ කරමින් රැස්වීම් සහ පෙළපාලි පවත්වන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණයේ දැනට පවතින සාමකාමී තත්ත්වය ඉදිරියටද පවත්වාගෙන යෑම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් දැනටමත් නිකුත් කර ඇති බවයි.

ජය පරාජය සතුටින් භුක්ති විඳීමට දේශපාලන පක්ෂ ඇතුළු සියලු පාර්ශ්ව අදිටන් කර ගතයුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

මැතිවරණයෙන් පසු සාමකාමීව කටයුතු කරන ලෙසට තම ආධාරකරුවන්ට සහ  හිතවතුන්ට උපදෙස් දෙන්නැයි  මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ වලට දැනුම්දී ඇත.

 

 

 



අදහස් (2)

ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී

PGPTHILAK Saturday, 21 September 2024 10:26 AM

අද මධ්‍යම රාත්‍රියෙන් පසු රාජපස්ස බත් බැලයන් තම තමන්ගේ ගෙවල් දොරවල් බලාගෙන යන්න සූදානම් වුනොත් හොඳයි!

:       3       11

කණාමැදිරි එලියටත් මම බයයි Saturday, 21 September 2024 10:31 AM

ජොලි සීය දිනුවත් ඔය නීති ඔය විදිහටම ක්‍රියාත්මක වෙයි නේද? ඕන දෙයක් කරගන්න කියල මාමණ්ඩිය වගේ සති 2ක් නිවාඩු දෙන එකක් නෑ නේද?

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site