
(යොහාන් භාසුර)
චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන සැළසුම් වඩාත් වැඳගත් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.
චීන ආණ්ඩුව පසුගියදා පැවැත්වූ ජාතික සැසිවාර දෙක පිළිබඳව දැනුවත්කිරීම සඳහා ‘චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය’ කොළඹදී පැවැත්වූ විද්වත් සාකච්ඡාවේදී වෛද්‍ය ජී. වීරසිංහ මහතා එසේ පවසීය.
සැළසුම් කිරීම කාලීන අවශ්‍යතා සඳහා වැඩාත් වැඳගත් වන බව කී වීරසිංහ මහතා චීනය නොමැතිව ලෝකය ගැන කථා කළ නොහැකි තත්වයක් චීනය නිර්මාණය කරගෙන ඇති බව ද සඳහන් කළේය.
වරින් වර වෙනස් වන ප්‍රතිපත්ති තුළින් බැහැරව, ජාතික ප්‍රතිපත්ති මත ඉදිරියට යෑම වඩාත් වැඳගත් බවත් ශ්‍රී ලංකාවට එවැනි සැළසුමක් නොමැති වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් එම හමුවට සහභාගි වූ විද්වත්හූ පැවසූහ.
චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය සහ අදාළ සැළසුම් මෙවර චීන රාජ්‍ය කාරක වාර්තාවේ සදහන් වූ බවත් ලෝකයේ ප්‍රගමනයට දෙන දායකත්වය සහ එම සැළසුම් තුළින් ශ්‍රී ලංකාවට ගතහැකි ආදර්ශයන් විශාල බවත් විද්වත්හූ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී.වීරසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, චීන අධ්‍යයනය පිළිබද විශේෂඥ මලයාසියාවේ ක්වාලාලාම්පූර් විශ්විද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් අධ්‍යයනාංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මහාචාර්ය විමල් හේවාමානගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා යන මහත්වරු එහිදී අදහස් දැක්වූහ.


2025 නොවැම්බර් මස 21
177
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
243
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1120
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගතහැකියි