
(අංජුල මහික වීරරත්න)
කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාර්මස් ධාන්‍යාගාරය නමැති ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි චාර්මස් ධාන්‍යාගාරය නමැති අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 (හෙක්ටයාර් 3.9248) ඉඩම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2022-2031 කාල පරිච්ඡේදයට අදාළව පිළියෙල කර ඇති සංවර්ධන සැලැස්මේ සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා තිබේ.
නේවාසික, සෞඛ්‍ය, කාර්යාල හා ආයතනික, වාණිජ, අධ්‍යාපනික, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, සංචාරක, විනෝදාත්මක හා වෙනත් ක්‍රියාකාරකම් ඇතුළු සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ අවසර ලත් භාවිතයන් අතුරින් මුල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් ඉහළ විභවතාවක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එකී ඉඩම බදු පදනම මත බැහැර කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක්සේරු වටිනාකම මත පදනම්ව අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා, උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ඉඳපු කට්ටියක් කියුවා අවුරුදු 99 බද්දට දුන්නොත් ගියා ගියාමයි. ආයේ ගැනිල්ලක් නැහැ කියලා. කට උල් කරලා ඇස් ලොකු කරගෙන ඔය කතා කිව්වේ... මක් වුණාද දන්නේ නැහැ ඔවුන්ට..., දැන් සද්දයක් නැහැ.
කෝ දැන් අර මීට පෙර අයෝජන වලට ඉඩම් දෙනකොට කෑ ගහලා මිනිස්සු කුපිත කළ කට්ටිය. මේ ඉඩම් දෙන්න හදන්නේ ඒ ගොල්ලන් නොවේනේ? ඒ ඉස්සර මිනිස්සු කුපිත කළ අය දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනෑ හොඳේ...
මේ ඉඩම ප්ලග්බේස් යාලුවට දෙනවද නැත්නම් වින්ඩ්මිල් යාලුවට දෙනවද? අම්මෝ මොළේ හිරිවැටෙන ප්‍රශ්න මේවා. යන්න ඕන හමින්බර්ඩ් පැත්තෙ උපදෙසක් ගන්න.
රනිල්ලගේ වැඩ මා තමා, රනිල් කරනකොට හොඳ නැහැ, මෙයාලා කරනකොට හොඳයි.
අගුණයාට සහ මහසෝනාට කියන්නේ, මෙ පාර එහෙම කරන්නේ ඔහෙලගෙ කාලෙ වගේ දේශපාලක හෙංචයියන්ට අක්කරේ රැපියල් පනහට දෙන්න නෙවෙයි කියලා.
කලින් මේවගේ ව්‍යාපෘතිවලට බාල්දි දාලා කඩාකප්පල් කරපුවට මුන්ගෙන් වන්දි ගන්න ඕන