IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


චාමික කරුණාරත්නට ඇප

(රෝෂන් තුෂාර)

ගුවන් නියමූවරියකගේ දැරියට පීතෘත්වය ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක චාමික දිලුෂාන් පෙරේරා කරුණාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සිය නීතීඥවරයා මාර්ගයෙන් කරුණු දක්වමින් (08) පැවසීය.

පිතෘත්වය සනාථ කිරීම සඳහා වන ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට කරන ඉල්ලීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවද වැඩි දුරටත් පැවසීය.

කොළඹ කොම්පඤ්ඤවීදියේ පදිංචි ගුවන් නියමු සෙව්වන්දි සේනාධීර විසින් චාමික කරුණාරත්නයට එරෙහිව  පැවරු නඩත්තු නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක  මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.

දරුවාගේ පීතෘත්වය සනාථ කෙරෙන ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝගයක්  සහ දරුවාට රුපියල් ලක්ෂය බැවින් වූ මාසික නඩත්තු දීමනාවක් ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනුකොට තිබිණි.දරුවාගේ උප්පැන්නයට පියාගේ නම ලබාදීම විත්තිකරු විසින් මගහරින බැවින් මෙම නියෝග නිකුත් කරන ලෙසද ඉල්ලා ඇත.

ගුවන් සේවිකාව සිය පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩකයා සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවය.

විවාහ වෙන බවට විත්තිකරු තමන්ට පොරොන්දුව ලබා දුන් නමුත් විවාහ ගිවිස නොගත් බවත් පසුව තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද  සඳහන් කර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පෙරුසා තම්බයියා මහත්මිය කරුණු දක්වමින් පැමිණිලිකාරියගේ දරුවා සම්බන්ධයෙන් විත්තිකරුට අදාළව ඩීඑන්ඒ පරීක්ෂණයක් පවත්වන නියෝගයක් නිකුත් ලෙසට ඉල්ලා සිටියාය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඇසේල රැකව මහතා කරුණු දක්වමින් අදාළ ඉල්ලීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළයුතු බව පැවසීය.

තම සේවා දායකයා ඇය සමග සමීප සබඳතාවයක් පැවැති බව පිළිගන්නා නමුත් පැමිණිලිකාරිය දරුවා ගර්භයේ සිටියදී ඉන්දීය පුද්ගලයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පැවත්වා ඇති බවට  ඡායාරූප ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.

පීතෘත්වය ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගයට මුහුණ දීමට සූදානම් බවත් කියා සිටියේය.

ඩීඑන්ඒ පරීක්ෂණයක් බලෙන් ලබාගතය නොහැකි බවත් ඊට අදාළ පූර්ව නඩු තීන්දු ඇති බවත් පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණය ඉදිරියේ පෙනී සිටි විත්තිකරු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හරීන ලෙස නියෝග කළේය.පැමිණිල්ලේ වැඩිදුර කරුණු විමසීම ජනවාරි 30 දිනට නියම කළේය.



අදහස් (7)

චාමික කරුණාරත්නට ඇප

සෑම් Monday, 08 December 2025 05:42 PM

අයියෝ ක්‍රිකට් ගහනවා වගේ ගැහැව්වා දිව්වා... නමුත් බෝලේ කඩුල්ලේ වැදිලා හින්දා අවුට් වෙලා වගේ... තුන්වෙනි අම්පයර්ගෙන් තමයි දැන් අහන්න ඕනෑ අවුට්ද? නැද්ද? කියලා

:       1       27

Danura Monday, 08 December 2025 05:58 PM

මෙන්න මෙහෙම තමයි දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරන අය වැඩ කරන්නේ...

:       1       15

ජිල්බු Monday, 08 December 2025 06:12 PM

ක්‍රිකට්වලට ඇර අනික් ඔක්කෝම ක්‍රීඩාවලට අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ අති දක්ෂයෝ...

:       1       24

අබා Monday, 08 December 2025 07:11 PM

පවු දරුවා.. ක්‍රිකට් ගහන අ‌පේ ලංකාවේ ප්‍රියතම විනෝදාංශය.. ඔවුන්ට ක්‍රිකට් විතරයි බැරි... අර බිංදු ගහන එකෙක් ඉන්නේ.. ඌ තමයි ලොකුම විසබීජේ අනික ජෙරම්...

:       0       9

Sj Monday, 08 December 2025 07:42 PM

බලකායට නම් ගන්න බෑ මෙයාට හරියට...

:       0       6

Neel Monday, 08 December 2025 07:53 PM

මොකද DNA පරීක්‍ෂණයක් කරන්න බයවෙන්න තමුන් සම්බන්ධ නැත්නම්. මාර ජෝක් මේවා...

:       0       20

de silva Monday, 08 December 2025 08:19 PM

අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට බැරි ක්‍රිකට් ගහන්න පමණි..

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 348 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 399 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site