IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


චීන රොබෝවෙක් පහර දෙන්න හදලා

චීනයේ තාක්ෂණික සැණකෙළියක් අතරතුරේ, ඊට යොදවා සිටි මානවරූපි කෘත්‍රිම බුද්ධි රො‍බෝවකු සැණකෙළියට සහභාගී වී සිටි නරඹන්නන්ට පහර දීමට උත්සහ ගන්නා අයුරුත්, ආරක්ෂක අංශ නිලධාරීන් රොබෝ මෙල්ල කර පසුපසට ගන්නා අයුරුත් දැක්වෙන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.

මානවරූපී රොබෝවරුන් යනු මනුෂ්‍යයන් මෙන් නිර්මාණය කළ රොබෝ යන්ත්‍රය. මෙම රොබෝ යන්ත්‍රවලට කෘත්‍රිම බුද්ධි මෘදුකාංග සම්බන්ධ කළ විට එම යන්ත්‍ර තනිවම සිතමින් තර්කාණුකූලව තීන්දු තීරණ ගනී. සැණකෙළියට මෙවනි රොබෝ යන්ත්‍ර කීපයක් ගෙනැවිත් තිබුණු අතර, ඒවාට ජැකට්ටු අන්දවා තිබුණි.

පහර දීමට තැත් කළ රොබෝ යාන්ත්‍රික දෝෂයකට ලක් වුණු අයකු බව පැවැසෙයි. මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය 9 වැනිදා යැයි ද පැවැසෙයි. විදෙස් මාධ්‍ය මෙම සිද්ධිය වාර්තා කර ඇත්තේ, තනියෙන් හිතන්න පුළුවන් කෘත්‍රිම බුද්ධි රොබෝවරුන්, මනුෂ්‍යයන් සමග ගැටීම මේ වනවිට ආරම්භ කර ඇත යනුවෙනි.



අදහස් (2)

චීන රොබෝවෙක් පහර දෙන්න හදලා

ගුණරත්න Friday, 28 February 2025 07:56 AM

චීන බඩුවක් නේ...

:       1       2

I k s chandrasiri Friday, 28 February 2025 05:15 PM

අනාගතේ රොබෝලා බෝම්බ පුපුරුවයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1461 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1311 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site