IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


චීන තරඟය ජයගත් ලාංකික කථිකාචාර්යවරයා

(ඩයනා උදයංගනී)

චීනයේ ‘චයිනා ඩේලි’ පුවත්පතෙහි අනුග්‍රහයෙන් පැවති “මගේ විශ්ව විද්‍යාල කතන්දරය” නැමති ජාත්‍යන්තර තරගයේ පළමු ස්ථානය හිමිකරගැනීමට චීනයේ යුන්නාන් විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයකු වන සුගත් රත්නායක මහතා සමත්ව ඇත.

රටවල් සහ කලාප 115ක සිසුන්ගෙන් ලද ලිඛිත කෘති 1,078ක්, කෙටි වීඩියෝ 396ක් ඇතුළු ඉදිරිපත් කිරිම් 1,474 ක් අතුරින් ඔහුට මෙම ජයග්‍රහණය හිමිව තිබේ.

ඉංග්‍රීසි සහ චීන යන භාෂා ද්විත්වයෙන් පැවති මෙම තරඟය චීනයේ දැනට ඉගෙනුම ලබන හෝ ඉගෙනගත් ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් සංවිධානය කර තිබිණි.

මේ සඳහා නිර්මාණ භාරගැනීම රචනා, ඡායාරූප හා වීඩියෝ යන කාණ්ඩ තුනක් යටතේ පසුගිය අප්‍රේල් මාසයේ දී සිදුකෙරිණි.

“මගේ චීන විශ්ව විද්‍යාල ගමන විදේශීය ගුරුවරයෙකුගේ දෘෂ්ටිකෝණයෙන්” යන තේමාව යටතේ සුගත් රත්නායක මහතා සිය නිර්මාණය ඉදිරිපත් කර තිබිණ.

චීනයේ යුන්නාන් විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන රත්නායක මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියෙහි සිංහල සේවයේ හිටපු උපදේශකවරයෙකි.  

චයිනා ඩේලි පුවත්පතේ සහ චීන බැංකුවේ ( Bank of China) අනුග්‍රහයෙන් 2021 වසරේදී පැවැත්වූ “ China and me five years from now” ජාත්‍යන්තර රචනා තරගයෙන් ද ඔහු දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ඊට අමතරව චීනයේ යුන්නාන් පළාතේ මහජන රජයේ තොරතුරු කාර්යාලය, විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහාවූ යුන්නාන් පළාත් ජනතා සංගමය සහ යුන්නාන් මුල්‍ය හා ආර්ථික විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කළ කෙටි වීඩියෝ සහ රචනා තරගයකින් ද ඔහු විශිෂ්ටතා සම්මානයක් හිමිකරගෙන ඇත.



අදහස් (1)

චීන තරඟය ජයගත් ලාංකික කථිකාචාර්යවරයා

Dilruk Tuesday, 06 December 2022 01:56 PM

Congratulations! We're so very proud of you!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site