IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලී මානව හිමිකම් කොමිසමට යති

නිරෝධායන නීති කඩ කරමින් ෂ්‍රැංගිලා හෝටලයේ උපන්දින සාදයකට සහභාගී වුණැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප හිමිවී තිබියදී, තමන් ඇතුළු 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීම සම්බන්ධයෙන්, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සම නිරූපිකා පියුමි හංසමාලී ඔවුන්ගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.

නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පියුමි සහ චන්දිමාල් යන දෙදෙනාම අත්අඩංගුවට ගත් නමුත් ඇප ලැබීමෙන් පසු ඔවුන් නිදහස් කරන ලදී.

කෙසේ නමුත්, චන්දිමාල් සහ පියුමි ඇතුළු උපන් දින සාදයට සහභාගී වූ 21 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.

නිරෝධායන මධ්‍යස්ථානයේ දී ජන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බවත්, ඔවුන් කිසිවකුට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් වාර්තා වේ. ඒ අනුව පිරිස (16) අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යෑමට නියමිතය.

සිදුවුණු ඇන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන්නැයි බොහෝ මාධ්‍ය තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පියුමි හංසමාලි ඩේලිමිරර් පුවත්පත සමඟ පවසා ඇත. තමන් සහ චන්දිමාල් නීතියට අනුව කටයුතු කරමින්, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සූදානම් බව පියාමි හංසමාලි ඩේලිමිරර් පුවත්පත සමඟ පැවැසුවේ එම අවස්ථාවේදීය.

 



අදහස් (24)

චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලී මානව හිමිකම් කොමිසමට යති

Dhammika Wednesday, 16 June 2021 01:00 PM

අනේ කියන තැනකට වඳින්නම්. ඔය දෙන්නාගේ නිව්ස් නම් ආයේ මේකේ දාන්න එපා. ඔය ඕනතරම් නිව්ස් තියෙන්නේ...

:       3       242

ManjuWednesday, 16 June 2021 03:02 PM

එක නම් සහතික ඇත්ත

:       0       56

නලින් Wednesday, 16 June 2021 01:14 PM

තෙල් නාටකය අවසන්... මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න යට ගහන්න, ඊළඟ නාටකයට තිර පිටපත සූදානම් වගේ...

:       188       218

fairoos Wednesday, 16 June 2021 01:20 PM

ගෑස් මිලත් ළඟදී වැඩිවෙයි වගේ...

:       136       158

ශන්ක Wednesday, 16 June 2021 01:38 PM

මේ මෝඩ චූන් එපා... මේ ගොල්ලො නිකම් තුට්ටු දෙකේ කාසි... නිරපරාදේ ප්‍රවෘත්ති සපයන්න එපා. අපේ කාලේ නාස්ති කරන එක අපරාධයක්...

:       26       230

Raveendra Wednesday, 16 June 2021 01:48 PM

ඇත්තටම මෙය මිනිසුන්ට වැදගත් ප්‍රවෘත්තියක්ද...? මෙහෙමත් අයගේ විස්තර අපට මොකටද...?

:       105       183

Buddika Wednesday, 16 June 2021 01:53 PM

කරුණාකරලා වැඩකට නැති දෙන්නගේ නිවුස් දාන්න එපා. මේවා පුවත්ද? මේ දෙන්නාගෙන් රටට ඇති ඵලය කුමක්ද?

:       1       127

Nihal Wednesday, 16 June 2021 01:56 PM

ජපානය ඇතුළු මැද පෙරදිග රටවලට, පච්ච කොටපු අයට වීසා දෙන්නේ නැහැ.

:       5       6

IndhikaWednesday, 16 June 2021 02:51 PM

ජපානයේ නම් එහෙම වීසා නිතියක් නැහැ

:       108       1

NuwanWednesday, 16 June 2021 03:48 PM

මැදපෙරදිගත් එහෙම නැහැ. මෙයා හීනයක් දැකලා...

:       18       7

SUNIL MILANO Wednesday, 16 June 2021 02:33 PM

කවුද මේ අය පින්තූර දාගෙන ප්‍රවෘත්තියක් ඵලකරන්න තරම් වටිනා දෙන්නෙක්ද? මටනම් පේන්නේ මෙයාලා සල්ලි වියදම් කරලා කරන්න ආවා වගේ... වටිනා දේවල් දාන්න..

:       0       147

kamal Wednesday, 16 June 2021 02:49 PM

පියුමිට අපි ඔනි වෙලාවක අත දෙනවා

:       35       0

කිරි පුතා Wednesday, 16 June 2021 02:54 PM

සමස්ත ප්‍රතිචාර ගත් කල රටට වැඩක් නැති මිනිසුන්ගේ හිස් වැඩ ගැන පුවත් පල කිරීම නොවටිනා කාර්යයක් බව වැටහේ.

:       0       135

RaveendraWednesday, 16 June 2021 04:46 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මෙය වැඩි අවධානයක් යොමුවිය යුතු කරුණක් බව අපගේ අදහසයි. මේවා දකිනවිට ඇතිවන්නේ අපේ රටේ මාධ්‍ය මොනතරම් පහත් තත්වයකට වැටි ඇද්දැයි නොවේද ?

:       0       39

jayasekara Wednesday, 16 June 2021 03:02 PM

සල්ලි තිබුනට වැඩක් නැ

:       0       2

ganegoda Wednesday, 16 June 2021 03:30 PM

කොරෝනා නිරෝධායන නීතිරීති... මානව හිමිකම් කොමිසමට වඩා බලවත් බව කරුණාවෙන් සලකන්න.

:       0       75

de silva Wednesday, 16 June 2021 03:34 PM

රටේ මිනිස්සු විශාල අමාරුවක වැටිලා තිබෙන අවස්ථාවක තරු 05 හෝටලයක උපන්දින පාටි දමන මෙවැන්නන් යැවිය යුත්තේ නිරෝධායනයට නොව සිරගෙටයි. මෙවැනි අමනයින්ගේ පුවත් ඕනෑම නෑ.

:       0       157

Sk Wednesday, 16 June 2021 03:36 PM

නිරෝධායන වන හැමෝම මානවහිමිකම් යන්න හදයිද දන්නැ

:       0       29

deepal Wednesday, 16 June 2021 04:32 PM

මට නිතිය ගැන දැනුමක් නැහැ.මට හිතෙන්නේ අධිකරණයේ ඇප ලැබුණේ පුද්ගලයන් එක් රැස්වීම තහනම් විටෙක නීති කඩකිරීම සම්බන්ධයෙන් වූ වරදටයි. නිරෝධායනයට යොමු කෙරුනේ, රටේ පවත්නා තත්ත්වය මත යාම ආකාරයෙන් අලුත් පොකුරක් නිර්මාණය වීම වලක්වාලීම සඳහායි .(සෞඛ්‍ය නීති මත)ඒ නිසා අධිකරණ තීන්දුවට අභියෝග කිරීමක් සිදු වී නැහැ.ඒ මානව හිමිකම් යාමේ තේරුමක් නැහැ .

:       0       4

ගමේ එකාලා Wednesday, 16 June 2021 04:42 PM

අනේ ඇත්තටම වෙන නිවුස් නැද්ද

:       0       9

sampath Thursday, 17 June 2021 09:17 PM

මෙතන මානව හිමිකම් කඩලා තියෙන්නේ මේ අයයි. මොකද කොරෝනා පවතින කාලයක සමූහයක් එක්රැස් කරලා, නිරෝධායන නීති උල්ලංඝනය කරලා අනෙක් මිනිස්සුන්ට ජීවත් වීමට ඇති අයිතියට තර්ජනයක් වන ක්‍රියාවක් හිතාමතාම කරලා තියෙනවා...

:       0       0

nawa Thursday, 17 June 2021 09:57 PM

මානව හිමිකම් කොමිසම මේ දෙන්නට හොඳටම ගැලපෙනවා. එ්කේ පරමාර්ථයත් මේ වගේ ගොබ්බයින්ට සහාය වෙලා අපේ ජාතිය, ආගම, සංස්කෘතිය විනාශ කරන එක...

:       0       0

udaya Friday, 18 June 2021 07:10 AM

ලංකාදිප පුවත්පතට මම ගොඩක් කැමැතියි... ඒත් මේ වගේ නිවුස් නම් නොදැම්මා නම් හොඳයි. තවදුරටත් හොඳ පුවත් දාන්න...

:       0       0

parakkrama Friday, 18 June 2021 08:41 PM

මෙන්න අලුත්ම නිවුස් එක... බල්ලෙක් මහපාරේ අයිනේ තැන නොතැන නොබලා මොකක්දෝ එකක් කරලා... කාටද මන්දා ඒවා පෑගිලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 507 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site