IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


චෝදනා එල්ල වී ඇති වරායේ ලොක්කන්ට යුරෝපා සංචාරයක්

(යොහාන් භාසුර)

ත්‍රිකුණාමලය වරායට ජපන් ආධාර යටතේ ලැබුණු නවීණ අධි තාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරට ලක්වීමෙන් රජයට රුපියල් කෝටි 22 ක අධික පාඩුවක් කළේ යැයි චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානින් දෙදෙනෙකුට වර්තමාන ආණ්ඩුව යුරෝපා සංචාරයක් දී ඇතැයි සිවිල් බුද්ධි පෙරමුණ අද චෝදනා කළහ.

එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා කොළඹ  පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

එම යුරෝපා සංචාරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ ත්‍රිකුණාමලය වරායේ තවත් නිලධාරියෙකු ඇතුළු තිදෙනකු සහභාගි වන බවත් නියමු යාත්‍රාවට වූ පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයාගෙන් පාඩුව අය කරගන්නා ලෙස ඉල්ලා එම පෙරමුණ පසුගිය ජනවාරි මාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිළි කළ බවත් මහවත්ත මහතා කීය.

අදාළ පැමිණිල්ල භාර දී මාස 5කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඊට අදාළ විමර්ශන ආරම්භ වී නොමැති බවත් වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කර හෝ වැඩ තහනම් කර හෝ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

චෝදනා එල්ල වී ඇති වරායේ ලොක්කන්ට යුරෝපා සංචාරයක්

ගුණරත්න Thursday, 12 June 2025 08:15 AM

බු හා හා, අපි කලින් කියුවා මේ ආණ්ඩුවත් රටෙන් මිනිස්සු අතරෙන් ආපු අන්ත කපටීන් පිරිසක් බවත් රාජ්‍ය පාලනය ගැන මෙලෝ හසරක් නැති බවත්. අඩුම තරමේ මුන් ප්‍රධාන නගර සභාවකවත් පාලනය කරලා තිබ්බේ නැහැ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන අනතුරු ඇඟේව්වා. නමුත් තකතීරු ඡන්ද දායකයෝ ඒ ප්‍රකාශ වලට හිනා වුනේ ඉතිහාසගත ජනවරමක් දීල. දැන් ආණ්ඩුව උතුර දකුණ හොයාගන්න බැරිව ලත වෙනවා. අලුතින් ප්‍රශ්න මවනවා. ලොක්කන් විදේශ සංචාර වල නියැලෙමින් ආතල් එකේ ඉන්නවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙලා! එත් සුපිරි ධනවත් පෙළන්තිය නම් තවත් ධනවත් වෙලා තිබෙනවා

:       3       1

ළන්වහෙවාThursday, 12 June 2025 05:09 PM

මේක රනිල්ගේ කාලේ වෙච්ච දෙයක්

:       0       0

Deshabandu Thursday, 12 June 2025 08:55 AM

එහෙමනම් මට කියන්න තියෙන්නේ – උනුත් එකයි, මුනුත් එකයි කියලයි.

:       2       1

ravin Thursday, 12 June 2025 12:38 PM

මත්ද්‍රව්‍ය චෝදනා මත STF එක වැටලුවහම හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බදාගත්තු රටේ ඕකත් කජ්ජක්ද?

:       1       6

Chandana Thursday, 12 June 2025 07:04 PM

ගුණරත්න හැම දේටම කමෙන්ට් කරන පිස්සෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site