ඇමෙරිකාවේ වෙසෙන සීක් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය ඒජන්තවරුන් උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකාවට ප්‍රතිචාර දැක්වීය.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව එල්ල කළ එම චෝදනාව සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඉන්දීය රජයේ ඒජන්තවරුන් ඝාතනය කිරීම තැත් කර ඇත්තේ ගුර්පත්වාන්ත් සිං පනූන් නමැති ඉන්දීය ඇමෙරිකන් සීක් ජාතිකයාය.
ඉන්දීය රජයට අනුව, ගුර්පත්වාන්ත් සිං පනූන්, සීක් බෙදුම්වාදී නායකයකු සහ කලිස්තාන් ත්‍රස්තවාදියෙකි. කලිස්තාන් ත්‍රස්තවාදීන් යනු සීක්වරුන් වෙනුවෙන් ඉන්දියාවේ වෙනම රටක් ඉල්ලන කණ්ඩායමකි.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඉන්දීය ඒජන්තවරුන්, පසුගිය නොවැම්බරයේ නිව්යෝක් නුවරදී, නිකිල් ගුප්තා නමැති ඉන්දියානුවකුට ඇමෙරිකන් ඩොලර් 10,000 ක් ලබා දී ඇත්තේ, ගුර්පත්වාන්ත් සිං පනූන්, ඝාතනයට කිරීමට යැයි චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකන් ආරක්ෂක අංශ වහා මැදිහත් වී, නිකිල් ගුප්තා අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි.
‘ඇමෙරිකාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අප විමර්ශනයක් පවත්වනවා. සිදුවුණේ කුමක්දැයි සොයා බලනවා. නීත්‍යාණුකූලව කටයුතු කරනවා. ඇමෙරිකාව එල්ල කරන චෝදනා මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් ඉන්දියාවත් අතර ඇති මිත්‍රත්වය කිසිම අවස්ථාවක පළුදු වෙන්න දෙන්නේ නැහැ’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
ඉන්දියාවෙන් පිට සීක් වැසියන් බහුලව ජීවත් වන්නේ කැනඩාවේය. ඊට අමතරව, ඕස්ටේ්‍රලියාවේත්, එක්සත් රාජධානියේත්, ඇමෙරිකාවේත් සීක් වැසියෝ ජීවත් වෙති.
ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වීමට මාස දෙකකට පෙර, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඉන්දීය රජයට චෝදනා කළේ එරට සීක් නායක හර්දීප් සිං නිජාර් ඉන්දීය ඒජන්තවරුන් ඝාතනය කළ බවටය.
එම චෝදනා මුල්කොට ගනිමින්, ඉන්දියාවත් කැනඩාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හටගත්තේය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චෝදනාවලට ඉන්දීය අගමැතිගෙන් පිළිතුරු
Aravinda Monarawila Thursday, 21 December 2023 10:41 AM
මොදි කැනඩාවට දැම්ම පාට් එක ඇමෙරිකාවට දාන්නෙ නැහැ, වෙනසක අරුමය ?