IMG-LOGO

’’චුට්ටියා’’ - ’’චුටියා’’ කැස්බෑව අධිකරණ භූමියේදී පලායති

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණයට ගෙන ගොස් තිබියදී "චුට්ටියා" සහ "චූටියා" නැමැති කොල්ල කරුවන් අත් මාංචු සමඟ පළාගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7000ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කීපයකට සම්බන්ධව සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශ්ව කලාව ප්‍රදේශයේ දී  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  තිබිණි

සැකකරුවන් දෙදෙනා හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී ඔවුන්ට දමා තිබූ අත් මංචු පිටතට නොපෙනෙන ලෙස ආවරණය කර තිබූ රෙද්දෙන් වසාගෙන ප්‍රධාන ගේට්ටුවෙන්  හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී  ත්‍රිරෝද රථයක නැඟ පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි

කොල්ලකරුවන් රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගිය අවස්ථාවේදී  එහි සිටි සෙසු පොලිස් නිලධාරීන්ට නොපෙනෙන ලෙස කොල්ලකරුවන් දෙදෙනා පලාගොස් තිබූ බව පොලිසිය කියයි

කොල්ලකරුවන් දෙදෙනා පලා යන අවස්ථාවේදී  අධිකරණ පොලිස් මුරපොළේ පොලිස් සැරයන්වරයෙකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කාන්තාවන් දෙදෙනකු මෙන්ම ප්‍රධාන ගේට්ටුවේ අධිකරණ සේවකයෙකුද රාජකාරියේ දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි

පලා ගිය කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා  විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී මංගල දෙහිදෙණිය , පොලිස් අධිකාරි පුෂ්පකුමාර  මහත්වරුන් ගේ උපදෙස් මත පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ්  හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි



අදහස් (1)

’’චුට්ටියා’’ - ’’චුටියා’’ කැස්බෑව අධිකරණ භූමියේදී පලායති

visnu Thursday, 15 December 2022 02:35 PM

පොලිස් නිලධාරින් උසස්වීම් වලට සුදුසුයි. පොලිස් කොමිසම පවා සනාථකර තිබෙනවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site