IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ඝාතන තුනකට සම්බන්ධ තිදෙනකු අ‘පුරදී අල්ලයි

(බී. ජී. චතුරංග )

දකුණු පාළාතේ සිදු කළ ඝාතන තුනකට සම්බන්ධ  වෙඩික්කරුවෙකු ඇතුළු සැකකරුවන්  තිදෙනකු රුපියල් ලක්ෂ 25කට වැඩි හෙරොයින් මත්කුඩු  සමඟ, අත්අඩංගුවට ගත් බව  අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 44 ක් පමණ වයසේ පසුවන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට දැනට අනුරාධපුර  හොරොව්පොතාන  නෙළුගොල්ලෑව  ප්‍රදේශයේ පදිංචිව සිටින  යුද හමුදා සේවය අතහැර ගිය පුද්ගලයෙකු හා අවුරුදු 40 සහ 30 වයසැති යාය3, නෙළුගොල්ලෑව මැදවච්චිය ප්‍රදේශයේ සහ අනුරාධපුර පෙරිමියන්කුලම  ප්‍රදේශයේ පදිංචි  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකි.

මෙම සැකකරුවන් තිදෙනා අතර සිටි ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කල  යුද හමුදාව හැර ගිය සැකකරු  අනුරාධපුර - යාපනය හන්දිය ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු ඩුබායි රාජ්‍යයේ සැගව සිටින  සංවිධාන අපරාධකරුවෙකු යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරම් සිදු කරන අයෙකු බවට හඳුනා ගෙන ඇති බවද පොලිසිය කියයි.

මෙම සැකකරු අත්අඩංගුවට පත්වන විට හෙරොයින් ග්‍රෑම් 88යි මිලිග්‍රෑම් 490ක් සන්තකයේ තිබි හමුවූ  බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන්  දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 800ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය. මෙම සැකකරුවන් තිදෙනා අද  (28) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

 

 

 



අදහස් (0)

ඝාතන තුනකට සම්බන්ධ තිදෙනකු අ‘පුරදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site