
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට එල්ල කළ අහස් කූරු අතර නොපිපිරුණ අහස් කූරක් යළිත් එම කැබ්රථය මතට ඇද වැටී පිපිරීමෙන් ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් පියාඹණ බවට ලද තොරතුරක් මත නිලධාරීන් තිදෙනකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස් , එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා කුරුල්ලන් පලවා හරින විශේෂ අහස් කූරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ .
එම වෙඩිල්ල නොපිපිරී යළිත් , එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබ් එකේ ගින්න නිවන්න, ගුවන්තොටුපළ ගිණි නිවන අංශයේ ආවේ නැද්ද? නොසැලකිලිමත් වැඩක් වගේ පේන්නේ.