(අජන්ත කුමාර අගලකඩ)
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර තුනකින් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ(11) තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ
ඒ අනුව වැටුප් විෂමතා ඉවත් කිරීමේ නව යෝජනාව ලබන දොළොස් වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛන යට ඇතුළත් කිරීමට ද එහිදී තීරණය කර තිබේ.
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර 4කින් සිදු කිරීමට රජය මීට පෙර තීරණය කර තිබූ අතර, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ඊට විරෝධය පළ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට අහුවෙන්න එපා මස්රාත්තලම ඉල්ලන්න. ලමයි ලොකුමහත්වෙලා ඔයාලගැන බලාගනීවි.
මෙම අරගලය සාධාරණීය කරනුයේ, "ගණිත, විද්‍යා, තාක්ෂණික" විෂයන් සඳහා දක්ෂ ගුරුවරු සොයාගැනීම පවතින වැටුප් තල යටතේ අපහසු බවයි. සෑම ගුරුවරයකුම එකම වැටුප් තල වල තබා වැටුප් වැඩි කලද ඉහත ගැටලුව නොවිසදේ. මෙම ගැටලුව නිවැරදිව විසදීමට නම් උගන්වන විෂය අනුව තාක්ෂණිකව විශ්ලේෂණය කර නව වැටුප් තල හදුන්වා දිය යුතුයි. පැලැස්තර විසදුම් නිසා කිසිදා සත්‍ය ගැටලුවට විසදුම් නොලැබේ.
අපිත් බලං ඉන්නෙ ඉස්කෝලෙ පටන් ගන්නකම් . ඉස්ටාලින්ගෙ ගෝලයන් ට කරන අනතුරු ඇඟවීමක් මේක.