IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුරුවරුන්ගේ අන්තර් දීමනාව මෙම මස සිට

(ඩයනා උදයංගනී)

ගුරුවරුන්ට රුපියල් 5,000 ක අන්තර් දීමනාව මෙම මස සිට වැටුපට එක් කරන බවත්, රජය ලබාදී ඇති විසඳුම පිළිගෙන ගුරු - විදුහල්පතිවරු නැවත සේවයට වාර්තා කරනු ඇතැයි විශ්වාස කරන බවත සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (7) පැවසීය.

ගුරු සහ විදුහල්පති සේවයේ විවිධ ස්ථර සඳහා සියයට 17 සිට 26 දක්වා මූලික වැටුප් වැඩිවීමක් සිදුවන බවත් එය එක් වර ලබාදෙන ලෙස ගුරු සංගම් ඉල්ලා ඇති නමුත් පවතින මූල්‍ය තත්ත්වය අනුව එය අවස්ථා තුනකදී ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

ගුරු වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් රජය දිගටම කටයුතු කරගෙන යන බවත් ඊට අදාළ නිශ්චිත යෝජනාව 2022 වසර සඳහා ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අයවැය ලේඛනයට ඇතුළත් වන බවත් අමාත්‍යවරයා කීවේය.

එතෙක් ඔවුන් සිදුකරන අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ඇතුළු කටයුතු වෙනුවෙන් සහනයක් හා දිරි දීමනාවක් ලෙස මාසිකව රුපියල් 5,000 ක අන්තර් දීමනාවක් ලබාදීම සිදුවන බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ගුරුවරුන්ගේ ගැටලුවට විසඳුම් ලබාදීමට රජයට හැකි උපරිමයෙන් කටයුතු කරන නිසා එය පිළිගෙන ඔවුන් නැවත සේවයට වාර්තා කරනු ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීවේය.

 



අදහස් (8)

ගුරුවරුන්ගේ අන්තර් දීමනාව මෙම මස සිට

Raveendra Tuesday, 07 September 2021 01:15 PM

අපිට රාත්තලම ඕනේ... ඔය අවුන්ස කාල බාගේ අපිට එපා. අනික අපිට "දියව් දියව් මලය සහ පොලිස් පුතා" කිව්වෙත් රාත්තලම ගන්න... ඊට පස්සේ හිඟ මුදල් 1948 සිටම ඉල්ලන්න කියලා ඒ නිසා එපා ඕක... මීට "කාලකන්නි" පඹ රැල...

:       8       8

Bamunuarachchi Tuesday, 07 September 2021 01:30 PM

මේක මාර ආණ්ඩුවක් නේ මොවුන් තම රාජකාරිය කරන්නේ නැහැ දීමනා දෙනවා.

:       10       10

මහජනයා Tuesday, 07 September 2021 01:36 PM

මෙම වසංගතය තුල සෞඛ්‍ය, ආරක්ෂක අංශ නිසි අයුරින් ක්‍රියාත්මක වුවත් බොහෝ රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, කාර්යාල ක්‍රියාත්මක වූයේ තම සේවකයාට නිසි ලෙස වැටුප් ගෙවීමට පමණි. ගෙවන වැටුපට සේවයක් ලබාගැනීමට කාලෝචිත වැඩ පිළිවෙල සකස් කිරීමක් සිදුනොවීය. වැටුප් ගෙවන්නේ නම් ස්වේච්ඡා සේවයක් පමණක් නොසෑහේ. සේවය නිසි ලෙස නියාමනය කළ යුතුයි. නොකළ ඵලවිපාක ගෙවමින් සිටියි.. නිසිලෙස වගකීම් පවරා තිබුණේ නම් දින 50ක් පසු කරමින් මෙතරම් දීර්ඝ කාලීන වර්ජනයක් ක්‍රියාත්මක නොවනු ඇත. සමහර ගුරුවරු මාර්ගගත අධ්‍යාපනය නිසා පුළුල් වූ සමාජ මාධ්‍ය දැනුම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිර්ලජ්ජ ලෙස යොදාගෙන ඇත. දැන් නිදාගත්තා ඇති ක්‍රියාත්මක වන්න, පාලනයක් නැති, විනයක් නැති සේවකයින් සඳහා බුද්ධිමත්ව පාලනයක්, නියාමනයක් ස්ථාපිත කරන්න...

:       0       2

Prase Tuesday, 07 September 2021 01:51 PM

මෙහෙම දෙන්න ගියොත් පුද්ගලික වැඩ කරන, කුලිය කරන මිනිස්සුන්ට හිඟාකන්න වෙන්නේ... මේ අයට පඩි දෙන්න අපි බදු ගෙවන්න ඕනෑ. කරන්න වැඩක් නෑ. සර්, අසමත්... ඔහොම දුන්නොත්...

:       3       7

යෝගා Tuesday, 07 September 2021 02:00 PM

මේ දීමනාවත් අරන් තව තවත් සමාජයට ණය වුණු අය වෙන්න...

:       1       3

මහජනයා Tuesday, 07 September 2021 02:55 PM

මෙම වසංගතය තුල සෞඛ්‍ය, ආරක්ෂක අංශ නිසි අයුරින් ක්‍රියාත්මක වුවත් බොහෝ රජයේ අමාත්‍යංශ, දෙපාර්තුමේන්තු, කාර්යාල ක්‍රියාත්මක වුයේ තම සේවකයාට නිසි ලෙස වැටුප් ගෙවීමට පමණි. ගෙවන වැටුපට සේවයක් ලබාගැනීමට කාලෝචිත වැඩ පිළිවෙල සකස් කිරීමක් සිදුනොවීය. වැටුප් ගෙවන්නේ නම් ස්වේච්ඡා සේවයක් පමණක් නොසෑහේ. සේවය නිසි ලෙස නියාමනය කල යුතුය. මේවා නොකළ පලවිපාක ගෙවමින් සිටී. නිසි ලෙස වගකීම් පවර තිබුනේ නම් දින 50ක් පසු කරමින් මෙතරම් දීර්ග කාලීන වර්ජනයක් ක්‍රියාත්මක නොවනු ඇත. සමහර ගුරුවරු මාර්ගගත අධ්‍යාපනය නිසා පුළුල් වූ සමාජ මාධ්‍ය දැනුම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිර්ලජ්‍ය ලෙස යොදාගෙන ඇත. දැන් නිදාගත්තා ඇති ක්‍රියාත්මක වන්න, පාලනයක් නැති, විනයක් නැති සේවකයන් සඳහා බුද්ධිමත්ව පාලනයක්, නියාමනයක් ස්ථාපිත කරන්න.

:       0       2

fairoos Tuesday, 07 September 2021 03:35 PM

ආ ඒහෙමද?

:       0       0

BamunuarachchiThursday, 09 September 2021 12:00 PM

කොහොමද වෙන්න ඕනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31200 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13361 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 69 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 904 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 271 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site