IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ගුරුගිඟයට විසඳුම් ඉල්ලා ගල්තලාවේ උද්ඝෝෂණයක්

(නිමල් ජයරත්න )

විද්‍යාලයට පවතින ගුරු හිඟයට වහා විසඳුම් දෙන ලෙසට බල කරමින් වැලිකන්ද ගල්තලාව හරහා අරලගංවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය යතුරුපැදි, පාපැදී ,ලි කොට, දමා බිම වාඩි වී අවහිර කරමින් ටයර් පුළුස්සා  ගල්තලාව ඇතුළු ගම්මාන කිහිපයක මවුපියන්, ගල්තලාව විද්‍යාලය  ඉදිරිපිට අද(22 ) විරෝධතාවයක නිරත වූහ

.ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය 1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් 80 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපන ලබන අතර ඒ සඳහා ගුරුවරුන් 06 දෙනෙකු අවශ්‍ය වුවද, දැනට සිටින්නේ විදුහල්පතිවරයා සමග ගුරුවරුන් හතර දෙනකු පමණක් බවත්, ඉංග්‍රීසි විෂයට මෙන්ම අද(22 ) පළමු වසරට භාරදුන් දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුයෙකු නොමැතිකම බවත්ගො ඔවුහු කියති.

මෙම විරෝධතාවය ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් පවතින අතරතුර අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්, කුලතුංග මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණ විරෝධතා කරුවන්න්ට මග අවහිර නොකර මාර්ගයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීමක් කළේය.

එහිදී මවුපියන් සඳහන් කළේ අදාළ බලධාරියකු සම්බන්ධ කර ගුරු හිඟයට විසඳුමක් ලබා දෙන තුරු තමන් විරෝධතාවයක් නොහැරෙන බවයි නිසි විසඳුමක් ලබාදෙන තුරු තමන් විරෝධතාවය අත් නොහරින බවයි.



අදහස් (0)

ගුරුගිඟයට විසඳුම් ඉල්ලා ගල්තලාවේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site