
(ගයාන් සූරියආරච්චි)
ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්‍යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.
මෙසේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ ඇහැළියගොඩ නැටුම් ගුරුවරියකගෙන් බව පොලිසිය කියයි.
දැනටත් ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති පොලිස් කොස්තාපල්වරයා ඩුබායි රාජ්‍යයට යෑමට පෙර ඇහැලියගොඩ ප්‍රදේශයේ එම නැටුම් ගුරුවරිය මුණගැසීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළට පැමිණ මෙරටින් පිටත්ව ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගල්කිස්ස කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.