
නැවත දැනුම් දෙනතුරු උතුරු අක්ෂාංශ 05 ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ වන විට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින්නේ නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත්වන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නැවත දැනුම් දෙනතුරු කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ද ඉල්ලා සිටියි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩි පීඩන කලාපය අද උදෑසන වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකළපුවට කිලෝ මීටර් 900ක් පමණ ඊසාන දික දෙසින් උතුරු අක්ෂාංශ 10.9ත් නැගෙනහිර දේශාංශ 89.0ත් ආශ්‍රිතව ස්ථානගතව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිසාවට ගමන් කරමින් හෙට (26) දින ගැඹුු පීඩන අවපාතයක් සහ අනිද්දා (27) වන විට සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති අතර ඉන්පසුව එළඹෙන පැය 48 කාලයේදී අන්ද්‍ර ප්‍රදේශ් වෙළෙ දෙසට ගමන් කරනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

--------------------------------------------------------------
ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම පද්ධතිය අද පෙරවරුවේ මඩකළපුවේ සිට කිලෝමීටර් 850ක් පමණ දුරින් පිහිටා ඇත. මෙම අඩු පීඩන කලාපය අද දිනයේදී ගිනිකොණ දිග සහ ඊට යාබද මධ්‍යම - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇත. මෙම පද්ධතිය ඔක්තෝබර් 26 දින ගැඹුරු පීඩන අවපාතයක් දක්වා සහ ඔක්තෝබර් 27 වැනි දින සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වනු ඇතැයි අපෙක්ෂා කෙරේ. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මෙම තත්වය නිසා ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැන් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං නිරිත හෝ බස්නාහිර දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර් 30-40 පමණ වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 -60 අතර දක්වා ඉහළ හා හැකියි.
දිවයින වටා මුහුද තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි සමග මුහුදු ප්‍රදේශවල තාවකාලික තස සුළං ද ඇති වේ.
2025 ඔක්තෝබර් මස 08
1429
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘‘මුහුදු යන්න එපා‘‘-ධීවරයන්ට කියයි