
(සුරංග රාජනායක)
ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අලුත් අවුරුදු උත්සවය සඳහා නැකතට අනුව මුලින්ම සෑදූ ග්‍රීස් ගස මෙසේ කඩා වැටි ඇත.
මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
ග්‍රීස් ගස සඳහා රුපියල් පහළොස් දහසක තෑග්ගක් සංවිධායක මණ්ඩලය විසින් වෙන් කර තිබූ අතර ඒ සඳහා තරුණයන් පස් දෙනකු ඉදිරිපත්ව සිටියහ.
මෙම කණ්ඩායම දිරි ගන්වමින් අවුරුදු උත්සවය සඳහා සහභාගී වී සිටි පිරිස් ද එකතු කරගත් තවත් රුපියල් හත්දහසක මුදලක් ද එයට එක් කර තිබුණි.
පැය ගණනක උත්සාහයකින් පසු එකිනෙකාගේ කරමතින් නැඟී සිටිමින් කණුව උඩ ගසා ඇති කොඩි ලීය ගැනීමට සූදානම් වූවා පමණයි පස්දෙනකුගේ බර දරා ගැනීමට නොහැකි වූ ග්‍රීස් ගස මුලින්ම කැඩී බිමට වැටුණේ තරුණ පිරිසද සීසී කඩ විසි කරමි.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
Perera Tuesday, 16 April 2024 03:11 PM
තවත් නැකත් බලන බූරුවෝ ඉන්නවනේ
බද්රානි Tuesday, 16 April 2024 09:19 PM
වර්තමානයට නොගැලපෙන ගොන් සෙල්ලම් තමයි මේ... ලෝකේ වෙනස් වුණාට ගෝත්‍රිකයින්ගේ වැඩ නම් තවම එහෙම්මයි...