(යොහාන් භාසුර)
කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී අද (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කීය.
ලොරි රථයකින් පැමිණි වෙඩික්කරුවන් වෙඩි තැබීම කර පලාගොස් ඇති අතර වෙඩික්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88,89 ජේවීපී භීෂණ යුගයෙන් පස්සේ දිනපතා මෙච්චර මිනී මැරිලා නෑ. මහජන ආරක්ෂක ඇමැති උත්සාහ කරන්නේ දේශපාලන දඩයම් කරන්න පමණයි. ඒකවත් කරගන්න බෑ. පච අනුරයි වැඩ බැරි ආණ්ඩුවයි දෙකම ෆේල්.
මේ රටේ නීතිය කොහෙද? ඒ.කේ.ඩී සහ ඔහුගේ රජය මෙම අපරාධ සඳහා වගකිව යුතුය.
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ. ඉස්සර තුවක්කු කරුවන් ආවේ මෝටර් බයිසිකල් කරුවන් වගේ වාහන වලින්. දැන් එන්නේ ලොරි වලින්!