IMG-LOGO

2024 ජුනි මස 16 වන ඉරිදා


ග්‍රාම නිලධාරි වැටුප් - දීමනා ඉහළට

(සුජිත් හේවාජුලිගේ, අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22)  පැවසීය.

එය විශාල ජයග්‍රහණයක් බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර, අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රු.33,690 දක්වාත්, 3 ශ්‍රේණියේ අයෙකුගේ මූලික වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතය. 

අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබේ.



අදහස් (6)

ග්‍රාම නිලධාරි වැටුප් - දීමනා ඉහළට

ranjith Wednesday, 22 May 2024 05:05 PM

මාසෙකට පවුලකට යන වියදම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවම කියන විදිහට මේ මිනිස්සු මාසෙ ජීවත් වෙන්නේ කොහොමද?

:       5       13

Prabha Wednesday, 22 May 2024 05:38 PM

ඒකට තම උප්පැන්නේ සිට මරණ සහතිකේ වත්තේ පොල්ගහ, කොස්ගහ පොලිස් සහතිකේ ගන්නත් ගතමනාව ඉල්ලන්නේ...!

:       2       10

Lalla Wednesday, 22 May 2024 10:57 PM

මම ගම්පහ ඉඹුල්ගොඩ උතුර වසමේ පදිංචි. ඔය කියන කිසිම අපවාදයක් දැනට ඉන්න ග්‍රාම නිලධාරීට හෝ මීට අවුරුදු විසි පහක කාලයක සිටම හිටිය නිලධාරීන්ට කියන්න අපට බෑ. ඔවුන් කිසිවෙක් එවැනි ඉල්ලීම් කලේ නෑ...හැමෝම එක ගොඩකට දාන්න බෑ නේද ?

:       0       4

රෝෂන්Tuesday, 28 May 2024 05:37 PM

ග්‍රාම නිලධාරීන් කරන සේවය කියා නිමකළ නොහැකියි. මැති ඇමැතිවරුන්ට වඩා ඔවුන් විසින් කරනු ලබන්නේ.. මම හිතුවේ රුපියල් ලක්ෂයක විතර වැටුපක් ලබාගන්නා බවයි. බලද්දී එම අයගේ සේවයට සරිලන පරිදි වැටුප් වැඩි කිරීම කළයුතුයි.

:       0       1

බද්රානි Wednesday, 22 May 2024 06:49 PM

මොකක්ද මේ හිඟන පඩිය...? තව පම්පෝරිත් ගහනවා වැටුප් වැඩි කරලා කියලා... මේ නිසා තමයි මොවුන් හරිහැටි රාජකාරිය නොකරන්නේ... ඉතින් කොහොමද මේ තනතුරට අදාලව ගෞරාන්විතව ජීවත් වෙන්නේ...? මම නම් කියන්නේ ලංකාවේ ජීවන වියදම අනුව, අවම වැටුප රුපියල් ලක්ෂයක් වත් විය යුතුයි.. එහෙම නැත්නම් ඉතින් මේ දැන් වගේම, කාගේ හරි බෙල්ල මිරිකලා හෝ පගාවක් අරගෙන තමයි ජීවත් වීමට සිදු වන්නේ...

:       0       1

Bandula Wednesday, 22 May 2024 07:43 PM

රජයේ සේවකයින් හැටියට අපේ රටේ වැඩිය කාලය නාස්ති කරන සේවක පිරිස.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ටිකිරි මැණිකේ වටගොඩ පාලම උඩ පීලි පනී
2024 ජුනි මස 16 67 0

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1023 ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩද


උණුසුම වැඩිය: හජ් වන්දනාකරුවෝ 6 ක් මැරිලා
2024 ජුනි මස 16 245 0

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.


රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ
2024 ජුනි මස 16 333 0

රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.


මහවිලච්චියට නව ප්‍රා. ලේ කාර්යාලයක්
2024 ජුනි මස 15 343 0

අභිනවයෙන් ඉදිකරන ලද මහල් දෙකකින් යුත් මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින ව


යුක්රේන තරුණිය ඔහිය බිංගෙයක හැපේ
2024 ජුනි මස 15 1616 0

කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක ඕහිය පට්ටිපොළ අතර පිහිට


අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ
2024 ජුනි මස 15 406 0

අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වෙයි. වඳුරු උණ හැදින්වෙන්නේ එම්.පොක්ස් යනුවෙනි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1291 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3013 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2472 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site