ගාසා තීරයේ අල් ආහිල් රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සිවිල් වැසියෝ 500 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සිය ගණනක් තුවාල ලැබූ බව පැවැසෙයි.
ඊශ්‍රායල ගුවන් හමුදාව දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා වී රැදී සිට ඇත්තේ මෙම අල් ආහිල් රෝහලේ බව ද පැවැසෙයි.
ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ ආධාර මත ගාසා තීරයේ ඉදි කර තිබුණු පාසල් සංකීර්ණයක් ද ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් විනාශ විය.
අද (18) ඊශ්‍රායලයට පැමිණෙන්න සූදානමින් සිටින ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්, රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් දුරකතන මාර්ගයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පැවැත්වීය.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගාසා රෝහලකට බෝම්බ ප්‍රහාරයක්: 500 ක් මරුට