
(සුජිත් හේවාජුලිගේ )
ගුවන් සේවිකාවක බව කියන තැනැත්තියක 2010- 2015 කාලසීමාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වශයෙන් බදවා ගෙන ඇයට වැටුපට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක මුදලක් චක්‍රලේඛ විධි විධාන නොතකා ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේය.
ගුවන් සේවිකාවට ඉන්ධන දීමනාව වශයෙන් දස ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය හැටක මුදලක්ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක මුදලක්ද මෙසේ ගෙවීම් කර ඇත.
එම කාලයේදී චක්‍රලේඛ විධිවිධාන නොතකා ඉන්ධන හා ප්‍රවාහන දීමනා නිර්දේශ අනුමත කළ නිලධාරීන්ගේ තොරතුරු 2015 කාලයේ බලපෙරලියට ප්‍රථම අතුරුදන්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉහත ඉන්ධන සහ ප්‍රවාහන දීමනා හිමිවන්නේ දීප ව්‍යාප්ත සේවාවන්හි පළමු පන්තියේ මාණ්ඩලික නිලධාරීන් හා ඒ හා සමාන සමාන්තර වෘත්තීන් වෙත හෝ ජනාධිපති ලේකම් විටින් විට නිකුත් කරන රාජ්‍ය වියදම් චක්‍රලේඛ අනුව ආවරණය වන ඇමති කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසකට පමණක් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක හෝ ව්‍යාපෘති සම්බන්ධීකාරක නිලයක් මෙවැනි චක්‍රලේඛයකින් ආවරණය නොවන බවත් පැවසේ.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් සේවිකාවකට ගිය ආණ්ඩුවකින් ලොකු තෑගි මල්ලක්
අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 10:32 AM
නාමල්ලා හොරකම් කරලා තියෙන විදියට ලක්ෂ විසි හතරක් කියන්නේ සුළු ගානක් නේ, අනික ඔය මුදල හොයා ගන්න ඒ දැරිය කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද, නාමල් වගේ මී හරකෙක් එක්ක ඔය වගේ විශේෂ ව්‍යාපෘතියක් කරනවා කියන එකත් සෙල්ලම් වැඩක්ද ? ඒ නිසා ඔන්න ඕක අතහැරලා දාන්න අප්පා........
de silva Tuesday, 29 July 2025 10:34 AM
අපිට දැන් වසර 10 පමණ තිස්සේ මේ ගුවන් සේවයේ කතා අහල එපා වෙලා , හොරකම් එමටය චුදිතයොත් ඉන්නවා , නඩුත් දමල තිබෙනවා , නමුත් එකම කෙනෙකුටවත් දන්නා තරමින් කිසිම සැලකියයුතු දඩුවමක් ලැබිල , නැහැ දඩුවම් නැති නිසා දිගින් දිගටම සොරකම් සිදුවෙනවා , මේක කරුණාකර වහල දමන්න , අපේ බදු සල්ලි මේ විදිහට නාස්ති කරන්න එපා ,මේවා ජාතික සම්පත් නොවේ , ජාතියේ ඔලුවට වැටුන කටු ඔටුනු
අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 11:39 AM
නඩු අහනවට නොවෙයි සිල්වා ඔයලා බයවෙලා තියෙන්නේ, දඩුවම් දෙන එකට ! එස් එම් රංජිත් සමග නෑනාට අවුරුදු දහසයකට හිරේ ගියා ඔයාට මතක නැද්ද ? එහෙම බැලුවම සමහරුන්ට ආත්ම හත අටක් හිරේ ඉන්න වෙයි !
Perakum Tuesday, 29 July 2025 11:52 AM
පුදුම වෙන්න දෙයක් නෑ අර වතු සුපිරින්ටැන්ඩන්ට ඔය වැඩ හොඳට පුරුදුයි.
fairoos Tuesday, 29 July 2025 12:00 PM
මේ වගේ කී දෙනෙක්ට ගෙවලා ඇතිද? කාලකන්නි රට කෑවා
Perera Tuesday, 29 July 2025 12:09 PM
ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් කොටහක් වෙන්න ඇති
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 29 July 2025 12:59 PM
අපේ බේබිව ඈඳලා මොකවත් කියනවා හෙම නෙමෙයි. එයා ඔය කියන කාල වකවානුවේදී තුං කුළුඳුල්.
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 29 July 2025 02:53 PM
මේ වගෙ නිවුස් පුරුදු වෙන්න අප බලනවා නෙමෙයිනෙ. තව අවුරුදු 5 කට පස්සෙ මේකට අලුත් නිවුස් ටිකක් එකතු වෙයි.