
(ගයාන් සූරියආරච්චි)
ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්‍රදේශයේ කිහිපයකම ඉන්ධන කාන්දුවක් සිදුවෙමින් පවතින බව කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් නිමාව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් කීය.
කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල ඉන්ධන නළයකට හානි වීමෙන් මෙම තෙල් කාන්දුව සිදුව ඇති බව එම නිලධාරියා කීය.
අද උදෑසන 9.30 ට පමණ ස්ථානීය පරීක්ෂාවට නිලධාරීන් පැමිණි අවස්ථාවේදී එම හානි වූ නළය පිළිබදව නිරීක්ෂණය වී ඇත.
මෙම ඉන්ධන නළය ආශ්‍රිතව වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා ඇති බව පැවැසේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩෝ ඕක වහපල්ලා. ඉක්මණට උදැල්ලෙන් ඕක වහන්න බැහැ...!
බයික් එකට ඩිංගක් දාගෙන දුවලා බැලුවා. ඉගිලිලා අහසේ යන්නේ...! නියම බඩු!
වැරැදිලාවත් ප්‍රයිවට් බස් කාරයෙකුට ඕවා අහුවෙන්න තියන්න එපා, එහෙම වුණොත් වෙන්නේ සමුල ඝාතනයක් (මම විහිළුවට කිව්වේ, ගුවන් යානා ඉන්ධන යනු භූමිතෙල් විශේෂයක් , එක පැට්‍රල් තරම් සැර නැහැ)