IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගොවීන් දෙන්න තිබූ කෝටි 116ක වව්චර අවලංගු වෙලා

(සුජිත් හේවාජුලිගේ)

පොහොර නිකුත් කිරීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොවීන් නිශ්චිතව හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් රුපියල් කෝටි 116කට වැඩි වටිනා වව්චර පත්  දෙලක්ෂ එකළොස් දහස් පන්සිය අසූ තුනක් අවලංගු වී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.

ජල කන්නේ ගොවීන් වගා නොකිරීම නිසා රුපියල් කෝටි තුනකට වැඩි වටිනා වව්චර පත් 5327ක් අවලංගු වී තිබූ බවද එහි සඳහන්වේ

2023 වර්ෂයේ යළකන්නේ වී වගා කරන ගොවීන්ට පොහොර ලබාදීම සඳහා රුපියල් කෝටි 11148 කට ආසන්න වටිනා වව්චර් පත්‍ර 1626000ක් මුද්‍රණය කර තිබූ බවත් එයින් වව්චර පත් 1466214 ක් ගොවීන්ට නිකුත් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

නිකුත් නොකෙරුණු රුපියල් කෝටි අනූවකට වැඩි වටිනා පව්චර පත් 159786ක් ප්‍රධාන කාර්යාලයට ආපසු හරවා ඒවා  තිබිණැයි පවසන එම කාර්යාලය නිකුත් කළ වව්චර පද්ධ අතරින් රුපියල් කෝටි 22කට වැඩි වටිනා වව්චර පත්  46470ක් සඳහා පොහොර නිකුත් කර නොතිබූ බවද සඳහන් කරයි.

මේ අතර ගොවිජන සංවර්ධන අරමුදල ජපාන ආධාර ව්‍යාපෘතිය එයාට තේ ලබාදී ඇති රෝද දෙකේ ටැක්ටර සඳහා අය විය යුතු මුදල් 2015 වන විට අය කර ගත යුතු වුවත් 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන විටත් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් ගොවීන්ගෙන් අයකරගෙන නොතිබූ බව වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ගොවි ජන සංවාදන දෙපාර්තමේන්තුව සහ ගොවි ජන සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් වාර්තාවේය.



අදහස් (1)

ගොවීන් දෙන්න තිබූ කෝටි 116ක වව්චර අවලංගු වෙලා

Governor Saturday, 11 January 2025 06:13 AM

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමේ නිලධාරින්ගේ තියෙන අදක්ෂතාව නිසා තමයි ඔහොම වෙන්නේ. නගරාශ්‍රිතව සිටින සමහරක් අය නම් ටුක් ටුක් තියාගෙන හයර් කරන්නේ වැටුපට අමතරව ඉපැයීම සදහා තමයි. කොහොම වුණත් එම නිලධාරීන් කුඹුරුවලට ඇවිල්ලා තොරතුරු සොයනවා නම් ඔය ප්‍රශ්නය වෙන්නේ නැහැ ගොවි ජනපද ප්‍රදේශවල ප්‍රශ්න තියෙන්න බැහැ නේද? ඒවා ක්‍රමවේදයක් ඇතිව බෙදපුවානේ... පැරැණි ගම්වල කුඹුරු තියෙන්නේ ඉතාමත් අඩුවෙන් නිසා වසමේ කුඹුරු ලැයිස්තුව අරගෙන වසමේ දිනක් ඇවිද්දාම සියලුම තොරතුරු නිවැරැදිව ගන්න පුළුවන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site