
(විමුක්ති එස් රුද්‍රිගු)
මගීන් 346 දෙනකුට මරු කැඳවමින් 2018 සහ 2019 වසරවලදී සිදුවූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා අනතුරු දෙක සම්බන්ධයෙන් වරද පිළිගැනීමට එම සමාගම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සඳහා බෝයිං සමාගම වරද පිළිගනු ඇති බවත් එම මාරක අනතුරු දෙකෙන් පසුව බෝයිං සමාගම භාවිත කරන ආරක්ෂක උපක්‍රම වෙනස් කරන බවට පොරොන්දු වෙමින් එම සමාගම සහ ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව එළඹි ගිවිසුම බෝයිං සමාගම උල්ලංඝනය කර තිබීම සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල වීමට හේතුව බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.
ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව සහ බෝයිං සමාගම ඇති කරගත් නව එකඟතාව අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට එම සමාගම වරද පිළිගනු ඇති බවත් එසේ නොකෙරුවා නම් බෝයිං සමාගමට එරෙහිව අපරාධ නඩුවක් විභාග වීමට නියමිතව තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එකඟතාවය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 243.6 ක මුදලක් දඩ වශයෙන් ගෙවනු ඇති බවත් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක මුදලක් ආරක්ෂක වැඩසටහන් සහ පෙර ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යොදවනු ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. කෙසේ වෙතත් මෙම එකඟතාවයට ඇමෙරිකානු විනිසුරුවරයාගේ අනුමැතිය ලැබී නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.
නමුත් මෙම එකඟතාවයට 2018 සහ 2019 වසරේදී සිදුවුණු අනතුරුවලින් මියගිය ගුවන් මගීන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අප්‍රසාදය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න ඒ රටවල් වල රජය, සමාගම් සහ ජනතාවගෙ විනීතකම සහ නිහතමානී කම. ඒ වගේම ඒ රටවල් වල නීතිය. ඒකට අපේ රටේ රෝහල් වල වැරදීමෙන් රෝගීන් මැරෙනවා. වගකීම ගන්න කෙනෙක් නෑ. වකුගඩු ගලවපු දොස්තර සහ සහය උන දොස්තර දෙන්නම රට පැනලා. අදටත් නීතිය නෑ. පුද්ගලික රෝහල් වල ලක්ෂ ගණන් අය කරමින් සැත්කම් කරලා රෝගිය මියගියාම දොස්තරයි රෝහලයි දෙකටම වගකීමක් නැඑ. සල්ලි අරන් මාරු වෙනවා. රට බංකොලොත් වුණා. විදෙස් සංචිත හිඳිලම ගියා. හිටපු මහබැංකු අධිපතිට වගකීමක් නීතියක් නෑ. රටම ආගාධයට වැටුණා. කිසිම දේසපාලුවෙක් වගකීමක් ගත්තෙ නෑ.
එහෙම නිහතමානි මඟුලක් නෙවෙයි. ඔය රටවල් වල නීතිය මාර ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. පොලීසිය පරීක්ෂණ කරලා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීපු ගමන් නඩුව ෆයිල් කරනවා. නඩුව ෆයිල් කරපු ගමන් උසාවිය දින දෙනවා නඩුව කැදවන්න. ඒකත් මේ ලංකාවේ වගේ අවුරුදු ගානකට පස්සෙ නෙවෙයි. මාසයක් ඇතුලත නඩුව කැඳවනවා. ඔන්න ඔය කාලේ ඇතුලත තමා නීතිපති දෙපාර්තමේන්තුවයි විත්තිකරුවොයි ඩීල් එක දාන්නේ. ඒ ඩීල් එක දාන්නේ නඩුව ඉක්මනට ඉවර කරන්න. එතකොට නඩුවේ සියළුම චෝදනාවලට විත්තිකරු වැරදිකරු කරන්න වුවමනාවක් නෑ නීතීපති දෙපාර්ථමේන්තුවට. ඒ වෙනුවට විත්තිකරුට පනවන දඩය අඩු කරන්න හරි හිරදඩුවම් අඩු කිරීමක් හරි ලිහිල් කිරීමක් හරි දෙනවා විත්තිකරුට. පිළිනොගන්න චෝදනා වලට නීතීපති දෙපාර්තමේන්තුව චෝදනා ඔප්පු කරන්න ඕනේ. ඒ ටිකට ඩීල් නෑ. ඊට පස්සෙ නඩුකාරයා දීපු දිනේට නඩුව කැඳවනකොට නීතීපතිතුමා ගාව සියළුම සාක්ෂි තියෙන්න ඕනේ ඔප්පු කරන්න. මොකද නඩුව අහන්න ගත්තාම එකදිගට හැමදාම වගේ නඩුව අහනවා. ආයි විමර්ශනය කරන්න කල් ඉල්ලන්න පොලීසියටත් බෑ. නීතිපතිටත් බෑ. නඩුව අහලා ඉවර නම් තීන්දුව දෙන්න ආයි දවස් ගානකින් හරි මාස ගානකින් හරි එන්න කියන් නෑ. නඩුව අහලා ඉවර නම් එදාම
අරක්කු වලට ,ටකරං වලට ,හාල් ගෝනියට ,අල්ලස් වලටයි යටවෙලා දේශපාලුවන් වන්දනාමාන කරන මෝඩ හැත්ත අපේ රටේ ඉන්නකම් අපේ රට දියුණු වෙන්නේ නැහැ