IMG-LOGO

ගලේ සිරවී තිබුණු කඩුව අතුරුදන්

ප්‍රංශ නගරයක ගල් බිත්ති විවරයක සිර කළ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම අසිපත වසර 1,300 ක් තිස්සේ ගල් බිත්තියේ සිරවී තිබුණි. එය ඉතාමත් මුවහත් බව පැවැසිණි. අසිපත රඳවා ඇත්තේ අඩි 100 ක් පමණ ඉහළිනි.

‘ඩුරන්ඩල්’ අසිපත යනුවෙන් හැඳින්වෙන මෙය මැජික් අසිපතක් බවත්, ආතර් රජුගේ ‘එස්කැලිබර්’ මැජික් අසිපත සිහිගන්වන, ප්‍රංශ සාහිත්‍යයේ සඳහන් අසිපතක් බව ද පැවැසෙයි.

11 වැනි සියවසේ රචනා කළ කවියක ද මෙම ‘ඩුරන්ඩල්’ අසිපත ගැන සඳහන් වෙයි.



අදහස් (12)

ගලේ සිරවී තිබුණු කඩුව අතුරුදන්

sachith Thursday, 04 July 2024 10:08 AM

ළඟදී ස්රිලන්කාවෙන් ඔහෙට ආපු කට්ටියව හොයලා බලන්න

:       5       37

ආච්චි Thursday, 04 July 2024 10:31 AM

ආයෙ අහන්න දෙයක් නෑ, අහවලා ඔතනට යන්න ඇති. කඩු පෙන්නන්න බෑ නොවැ. බලන්න සීසීටීවී චෙක් කරලා.

:       10       80

PATTA hora Thursday, 04 July 2024 10:33 AM

ලංකාවේ කටුගෙයි තිබුන දුටුගැමුණුගේ කඩුව උස්සපු පුත්‍ර රත්නය ප්‍රංශය ට ගියාද ලඟදී? ඒත් ඒක උස්සන්න කංගැට්ටා නෑනේ. ඌටත් පුත්‍රයා වැඩේ දුන්නා නේ...

:       5       31

Indika Thursday, 04 July 2024 10:43 AM

පොඩ්ඩක් හොයල බලන්න අපේ කඩු එකතු කරන පොර ඒ පැත්තේ ගියාද කියල.

:       5       29

පැරකුම් Thursday, 04 July 2024 11:02 AM

අපේ රටේ රාජ පවුලේ කට්ටිය ඒ පැත්තටත් ගිහිල්ල වගෙයි…!

:       3       25

Nimal Thursday, 04 July 2024 11:28 AM

ෂුවර් එකට අපේ එකෙක් ඔතන බලලා තියනවා .ගොඩක් වෙලාවට 225 න් එකෙක් වෙන්න පුළුවන්

:       2       20

Pradeep Thursday, 04 July 2024 12:27 PM

මේ අසිපත අයිති වෙලා තියෙන්නේ චාලිමේන් අධිරාජ්‍යයාගේ ප්‍රධාන සෙන්පතියෙක් වුණු රෝලන්ඩ්ට. ජනප්‍රවාදයේ කියවෙන විදිහට මේ අසිපතට ශුද්ධවන්තයින් හතර දෙනෙකුට සම්බන්ධ ධාතුන් එකතු කරලා තියෙනවා. මරියතුමියගේ සළුවෙන් කොටසක්, ශුද්ධ වූ ඩෙනිස්ගේ හිසකෙස්, ශුද්ධ වූ බැසිල්ගේ රුධිරය සහ ශාන්ත පීතරතුමාගේ දතක් මේ කඩුවට සම්බන්ධ කරලා තියෙනවා. මේ නිසා මේ කඩුවේ අසීමිත ශක්තියක් ගැබ්වෙලා තිබ්බලු. පිරනීස් කඳුවැටියේ ප්‍රපාතයක් ඇති වෙන්න මේ කඩුවෙන් වැදුණු පහරක් හේතුවුණා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා.

:       5       36

kabeerThursday, 04 July 2024 02:15 PM

හරිනේ ඉතින් බැසිල් ඉන්නවා නේ

:       1       22

ලසන්ත Thursday, 04 July 2024 02:03 PM

ජනප්‍රවාදයේ ඔච්චර දෙවල් කියලා තියෙද්දි අවුවට වැස්සට ඔහේ දාලා තිබ්බේ එහෙනම්? දැන් ඉතින් ගත්තු එකා කඳු පාත් කර කර යාවි!.

:       1       26

විජිත් Thursday, 04 July 2024 02:28 PM

මැදමුලන මුකලානේ ජීවත්වෙන , මෝඩ නරුම ,මුස්පේන්තු මොංගල් රාජපක්ෂ පැටියෙක් ඕක ඉස්සුවාද ? දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව කියලා දකින දකින කඩු හොරකම් කළා , අහිංසක හාමුදුරුවන් වහන්සේලා කිහිප නමකුත් ඝාතනය කලා. දැන් මුන්ට ඕනා අමරණිය වෙන්න කඩුවක් ...

:       9       19

Randima Thursday, 04 July 2024 04:42 PM

මාලිමාවට දුන්නා නම් ඕක වෙන්නේ නෑනේ.

:       6       9

රජාණෙනී Thursday, 04 July 2024 08:41 PM

රාජපක්ෂ කියලා නම තියෙන කවුරු හරි ඒ පැත්තෙන් ගියාද බලන්න... නාමල් බේබි හරි, මහ එකා හරි ඔය රටට ඇවිත් ගිහින්ද බලන්න..

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site