
(අංජුල මහික වීරරත්න)
විවිධ භූමිකාවන් තුළ සුවිශාල ශාසනික සහ සමාජයීය මෙහෙවරක නිරත වූ ගල්බොඩ ඥානිස්සර නායක ස්වාමීන් වහන්සේ දුර්ලභ සංඝ පීතෘන්වහන්සේ නමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කිසිවිටෙක ජාති ආගම් බේද නොතැකූ උන්වහන්සේ මුළු මහත් ජනතාවගේ හිත සුව පිණිස කැපවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උන්වහන්සේ වෙනුවෙන් සිදු කළ හැකි ඉහළම ගෞරවය වන්නේ ගංගාරම විහාරස්ථානය නම් ධර්ම සහ සමාජ කේන්ද්‍රය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට එක් වෙමිනි.
උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) පස්වරුවේ එම විහාරස්ථාන භූමියේ දී පැවැත්විණි.

COMMENTS