
(අංජුල මහික වීරරත්න)
රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඩිජිටල් පරිවතනය ඉතා වැදගත් අංගයක් ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනා ගනු ලැබ ඇති අතර, ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය හා නව තාක්ෂණයන් යොදා ගැනීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව ලබා ගැනීම දිරිමත් කර ඇතැයි රජය පවසයි.
ඒ අනුව තොරතුරු තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් සහ රොබෝ තාක්ෂණය වැනි ප්‍රායෝගික පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් පළපුරුදු ආයතනක් වන Skills College of Technology (SCOT CAMPUS) ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, ව්‍යාපෘති නියාමන ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කර තිබේ. ඒ අනුව, තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව STEAM සංකල්පයට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල්වල ගුරුවරුන් 7,500 ක් අදියර තුනක් යටතේ Skills College of Technology (SCOT CAMPUS) ආයතනය මඟින් පුහුණු කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.